EXCLUSIVELegends StoryTrending Article

“හැමෝම කියනවා ඉන්දියාවට ඇඩෙන්නම ගැහුවේ “කේන්” කියලා, ඒත් අර්ජුන තරම් නම් ඉන්දියාව අඩවපු නායකයෙක් ඇවිත් නෑ තාම” – ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

මේ මනුස්සය ගැන නිකමට හිතන්න..

– ඇෆ්ගනිස්ථානය පලමු එක්දින තරගය ක්‍රීඩා කරලා දැනට අවුරුදු 12 ක්,
– අයර්ලන්තය පලමු එක්දින තරගය ක්‍රීඩා කරලා දැනට අවුරුදු 15 ක්, –
– බංග්ලාදේශය පලමු එක්දින තරගය ක්‍රීඩා කරලා දැනට අවුරුදු 35 ක්,
– සිම්බාව්වේ පලවෙනි එක්දින තරගය ක්‍රීඩා කරලා දැනට අවුරුදු 38 ක්..

මේ රටවල් අදටත් ටොප් රෑන්කින් රටකට ගහලා දිනුවොත් අපි පුදුම වෙනවා..

නමුත්…

ශ්‍රී ලංකාව පලමු එක්දින තරගය ක්‍රීඩා කරලා අවුරුදු 20 කින් Unbeaten වර්ල්ඩ් කප් එකක් දිනනවා.. ඒක දැකලා ලෝකේ අනෙක් රටවල් කොච්චර පුදුම වෙන්න ඇති ද??

ඒ පුදුම වීම කොච්චරද කියන එකට හොදම සාක්ෂිය තමයි 1996 Eden Garden වලදි එදා ඉන්දියානු ජනතාව හැසිරුණු ආකාරය.

ක්‍රිකට් ලෝකේ පතාකයො වෙච්ච ඕස්ට්‍රේලියාව අදටත් ෆයිනල් එකකදි පරාද කරලා තියෙන්නේ එකම එක ආසියානු නායකයෙක් විතරයි.

මේ තත්වයට ක්‍රිකට් ගේන්න මොහුට නිවැරදි එඩිතර තීරණ තිබූ බවට නොරහසක්.. ලංකාව අල්ලපු මේ ක්‍රීඩාව දුෂ්කර ගම් වල සිටින පොඩි එවුන්ට පවා අයිතී කියලා පෙන්නුවේ මේ මනුස්සයා.

ඒ වගේමයි.. තමාට සිටින හොදම පන්දු යවන්නා තමාගේ ඇස් ඉදිරිපිට අමු අමුවේ අපහාස විදිනවා දැකීමට ලොකු ලොකු සුද්දන්ට පවා බිය නැතිව ඇගිල්ල දිගු කරෙත් මේ මනුස්සයා..

නිකමට හෝ එදා මුරලිට එල්ල කල චෝදනාව නිවැරදි වූවානම් මොහුගේ ක්‍රිකට් ජීවිතයත් වෙනස් වනු නියතයි.. නමුත් ඒ සම්බන්ධව ඇති සියලු නීති ඔහු දැන සිටිමත් ඔහුගේ නිවැරදි බව පෙන්වන හොදම අවස්ථාවක්…

ක්‍රීඩකයෙක් ලෙස ගත්කල ලකුණු 1500 ට වඩා ලබාගත් ක්‍රීඩකයන්ගෙන් Target එකක් හඹාගෙන ගොස් ජයගත් තරග වලදි එක්දින සාමාන්‍ය 65 ට වැඩි සහ ටෙස්ට් සාමාන්‍ය 100+ ට ලෝකේ එකම පිතිකරුවාත් මොහුමයි..

මැච් එකක් දිනන්න ඕන නම් තනි අතින් උනත් සෙල්ලම් කරලා දිනවලා දෙයි.. පාකිස්ථාන නායක සයිඩ් අන්වර් එදා අර්ජුන ගැන පවසා ඇත්තේ ඒ විදිහට.

කියන්නට නම් තවත් බොහෝ දේවල් ඇත.. කොහේ ගියත් මොවුන් සමග ක්‍රීඩා කරන සැම ක්‍රීඩකයෙක්ම මොහු ගැන කතා කිරීමට අමතක නොකරන්නේ මොහුගේ තිබූ නායකත්ව ගුණාංගය නිසයි..

හැමෝම කියනවා ඉන්දියාවට ඇඩෙන්නම ගැහුවේ කේන් කියලා.. ඒත් අර්ජුන තරම් නම් ඉන්දියාව අඩවපු නායකයෙක් ඇවිත් නෑ තාම..

සැබැවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වල පියා කීව ද වරදක් නැත..ඔබට සුබ උපන්දිනයක් අර්ජුන රණතුංග!!

– Nisitha Gihan තැබූ සටහනක් ඇසුරිණි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7