Cricket NewsEXCLUSIVELPL

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පතාක යෝධයකු වන “Andre Russell” ගෝල් ග්ලැඩියේටර්ස් සමග එක් වෙයි.!

ශ්‍රී ලංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි.

එළඹෙන දෙසැම්බර් මස 5 වනදා සිට කොළඹ සහ හම්බන්තොට ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

මේ අතර අද දිනයේ දී පසුගිය වසරේ LPL 2020 තරඟාවලියේ අනුශූරයන් බවට පත් වූ Galle Gladiators කණ්ඩායම විසින් මේ වන විට ලොව පුරා පැවැත්වෙන ෆැන්චයිසස් ක්‍රිකට් ලීග් තරගාවලි හි පතාක යෝධයෙක් බවට පත්ව සිටින කොදෙව් ක්‍රීඩක Andre Russell හා ගිවිසුම් ගත වීමට සමත්ව තිබෙනවා.

පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟ වාරයේදී Andre Russell, Colombo kings කණ්ඩායම නියෝජනය කළ අතර මෙනර දෙවන වරට පැවැත්වෙන LPL 2021 තරඟාවලියේදී මෙම ගවිසුම් ගත වීමත් සමග Russell, Galle Gladiators කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

මේ පිළිබඳව LPL 2021 මෙහෙයවන IPG ආයතනය තැබූ විශේෂ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7