Cricket NewsEXCLUSIVE

නවසීලන්තය සමග පැවැත්වෙන තීරණාත්මක තරඟාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් තවත් සුවිශේෂී වාර්තාවක් අභියස.!

ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ එක් දිනක් පමණි. මෙම තරඟාවලියේ තීරණය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක ටෙස්ට් ශුරතාවලි ගමන්මග තීරණය වනු ඇත.

කෙසේ නමුත් මෙම තීරණාත්මක තරඟාවලියේ තවත් සුවිශේෂී වාර්තාවක් අභියස සිටින ක්‍රීඩකයකු වනවා. ඒ අන් කවරකු නොව ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්.

මේ වන විට ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 6953ක් රැස් කරගෙන සිටින ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු 7000 සීමාව පසු කිරීමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 47ක් පමණයි.

එළඹෙන 9 වන දා ආරම්භ වීමට නියමිත නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී මැතිව්ස් එම කඩඉම පසු කිරීමට සමත්වුවහොත් මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසු කළ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වනු ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසු කිරීමට මෙතෙක් සමත්කම් දක්වා ඇත්තේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණයි.

කුමාර් සංගක්කාර – 12400
මහේල ජයවර්ධන – 11814
සනත් ජයසූරිය – 6973
ඇන්ජලෝ මැතිව්ස් – 6953

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button