Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලාංකේය ක්‍රිඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ නැවුම් ගමනක් අරඹන Supreme Sports – ශ්‍රී ලංකාවේ පළමු ක්‍රිඩා නාලිකාව ගැන අප තබන සටහන.!

ජාති ආගම් කුල මල භේද සියල්ල පසෙකලා රටක් ලෙස මුළු ශ්‍රී ලංකාවම එකම සීමාවකට ගෙන ඒමට හැකියාව තිබෙන ප්‍රබලම සාධකය ලෙස ක්‍රීඩාව හඳුන්වාදිය හැකිය.

දකුණු ආසියාවේ කුඩා දූපතක් ලෙස හැදින්වෙන ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් තබා ඇති වාර්තා නම් එතරම් කුඩා නොවේ.

දකුණු ආසියානු කලාපයේ වේගවත්ම ධාවන ශූරයා යුපුන් ශ්‍රී ලංකාකියෙකි. ඩිලන්ත මාලගමුව මෝටර් ධාවන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ඇති ජයග්‍රහණ සුලුපටු නොවේ. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම දීප්තිමත් අනාගතයක පෙර මං සලකුණු තබන බව ජාත්‍යන්තර විචාරකයින් පවා පසුගිය ලෝක කුසලානයේදී සඳහන් කර සිටියා. එමෙන්ම අඳුරු කාලසීමාවක් පසු කරමින් නැවත නැගී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද වසර 8කට පසුව ආසියානු ශූරයන් ලෙස කිරුළු පැළඳ සිටින්නේ ලෝක කුසලානයක බලාපොරොත්තු සහාතවයි.

එවන් අති දක්ෂයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලාංකීය ක්‍රීඩාව නැවුම් මානයකට රැගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රිඩා මාධ්‍ය නාලිකාව Supreme TV විසින් ඔවුන්ගේ අලුත්ම ඩිජිටල් සහයකයා Supreme sports පසුගියදා එළි දැක්වුවා.

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවට සහ අති දක්ෂ ක්‍රීඩකයින්ට හයියක් වෙමින්, ධෛර්යයක් වෙමින්, ශක්තියක් වෙමින් ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ නැවුම් ගමනක් ආරම්භ කිරීමට Supreme Sports වෙත හැකියාව ලැබේවායි, ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රිකට් ඩිජිටල් මාධ්‍ය ජාලය වන SixCricket අප උණුසුම් සුභ පැතුම් එක් කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button