Cricket GossipCricket NewsEXCLUSIVE

සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වූ සිය “ලොකුම ෆෑන්ගේ” ආදරණිය ඉල්ලීම ඉටු කළ ඇන්ජලෝ මැතිව්ස්.!

මේ වන විට පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වෙනවා.

මේ අතර ඊයේ දිනයේදි සමාජ මාධ්‍ය හරහා අපුරු සටහනක් හුවමාරු වූ අතර එහිදී එම සටහන තැබු කාන්තාව පවසා තිබුනේ තමන් ඇන්ජලෝ මැතිව්ස්ගේ විශාල රසිකයකු බවත්, ඔහු සමග ජායාරූපයක් ගැනීම ඇයට සිහිනයක් බදු බවත්ය.

මෙම සටහන ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය අතර සංස්කරණය වූ අතර එය ඇන්ජලෝ මැතිව්ස්ගේද නෙත ගැටී තිබුනේ ඒ අනුවයි. ඇය නමින් රන්දිය.

ඒ අනුව තරඟයේ තෙවනි දිනය වූ අද දිනයේදි ඇන්ජලෝ මැතිව්ස්ව හමු වීමට ඇයට අවස්ථාව උදා වූ අතර එහිදී මැතිව්ස් සිය අත්සන යෙදු ජර්සියක්ද ඇයට පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබුනා.

එමෙන්ම මේ පිළිබඳව රන්දි මෙලෙස තමන්ට උපකාර කළ සමාජ මාධ්‍ය පරිශීලකයන්ට සිය ස්තුතිය පළ කර තිබුනා.

“හැමෝටම පිං❤️හැම comment එකක්ම හැම message එකක්ම මාව motivate කරා..ඒ වගේම හැමෝම මගේ කැපවීම ගොඩාක් අගය කරලා තිබුනා..හැබැයි ඔයාලගේ support එක තිබුනේ නැත්නම් මට කවදාවත්ම මේක achieve කරගන්න පුලුවන් වෙන්නේ නෑ..

ඉතිං ගෝල් දේශයේ ආදරණීය වැසියනි!! ඊයේ රෑ ඉදන් එක කෙල්ලෙක්ගේ අශාවක් වෙනුවෙන් උදව් කරපු හැමෝටම පිං..ගොඩාක් පිං..අපි හැමෝම හැමෝගෙම අහිංසක හීන වලට යන්න මේ වගේ උදව් කරොත් කකුලෙන් අදින්නේ නැතුව එදාට මේ රට තවත් ලස්සන වේවි❤️❤️මම ඔයාලගෙන් ඉගෙන ගත්ත දෙයක් තියෙනවා.මම තනියම අවුරුදු 13ක් උත්සාහා කරපු දේ හැමෝම එකතු වෙලා මට පැය 3කින් කරලා දුන්නා..ඉතිං බලන්න එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ..ඒකට ඕනි අනෙකා වෙනුවෙන් උනු වෙන හදවතක් විතරයි..”

එම අවස්ථාවේ ජයරුපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7