Cricket NewsEXCLUSIVE

දිමුත් කරුණාරත්නගේ සහ ධනංජය ද සිල්වාගේ ඉවසිලිමත් පිතිකරණය හේතුවෙන් තරඟයේ තෙවැනි දිනයේත් වැඩි ගෞරවය ශ්‍රී ලංකවට.!

මේ වන විට සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට සිය තරඟයේ වැඩි ග්‍රහණය තමන් වෙත නතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. කෙසේ නමුත් පකිස්ථාන කණ්ඩායමට ද තවමත් අවස්ථාවක් තිබෙන බව සඳහන් කල යුත්තේ ඔවුන් පළමු තරඟයේ දී ලකුණු 342කක ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීම හේතුවෙනි.

සිය පළමු ඉනිමේදී ලකුණු 231 කට දැවී ගිය නමුත් ඉතාමත් වේගයෙන් නැවතත් තරගයට අවතීර්ණ වූ පාකිස්තානුවෝ ලකුණු 59 ක් ඇතුළත ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 3 ක් දවාග ගැනීමට සමත් වුයේ දැඩි පීඩනයක් එල්ල කරමිනි. එසේ වුවත් නායක දිමුත් කරුණාරත්න සමගින් එක්වූ උප නායක ධනංජය ද සිල්වා ලකුණු පුවරුව 176/5 ක් දක්වා තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා තැබුවේ පාකිස්තානයට වඩා ලකුණු 323 ක් ඉදිරියට ගෙන යමිනි.

අද පස්වරු 4.20 ට පමණ හදිසියේම ඇතිවූ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තෙවැනි දිනයට තරඟය නතර කරන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 27ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 30ක් රැස් කර ගනිමින් පිටියේ රැඳී සිටිනවා.

ලකුණු 117කට‍ කඩුලු 5ක් බිඳ වැටි දැඩි පිඩනයක නතු වී තිබු අවස්ථාවේ පිටියට පිවිසි විගසින්ම අලංකාර පහර කිහිපයක් මුදාහළ ධනංජය ද සිල්වා, ඒ වනවිට පාකිස්තානුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ තරගය ඉන් මුදා ගැනීමට සමත් වුනා.

ඒ අනුව අද තරඟය අවසන් කරන විට ලකුණු පුවරුව දැක්වුණේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 378/10
පකිස්ථාන පළමු ඉනිම – 231/10
ශ්‍රී ලංකාව දෙවන ඉනිම – 176/5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7