Cricket NewsEXCLUSIVEInternational

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි උපරිම උත්සාහය දරනවා – නව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ කියයි

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා sportspavilion වෙබ් අඩවිය වෙත ඔහු ප්‍රකාශ කර ඇත්තෙ 2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය හිමිවන බවයි.

තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාට ද උපදෙස් ලබාදුන් බව ද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි වුවහොත් රටට ආර්ථික වශයෙන් ප්‍රතිලාභ අත්වන බව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7