ලෙජන්ඩ්ස් කුසලානයේ වේගවත්ම ශතකය ඇන්ජලෝගෙන්

ලොව පුරා හිටපු ක්රිකට් ක්රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ලෙජන්ඩ්ස් කුසලාන’ විස්සයි-20 තරගාවලිය ඊයේ (14 වැනිදා) පැවැති තරගයකදී දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමග පන්දු 43 කින් වේගවත් ශතකයක් (නොදැවී 100) රැස්කිරීමට රාජස්ථාන් කිංග්ස් කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්රීඩකයෝ, ඇන්ජලෝගේ පිතිහරඹය හමුවේ ඕවර 13.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ලකුණු 23 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පීටර් ටේ්රගෝ (නොදැවී 42) සමග එක්ව ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඇන්ජලෝ සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායම නියමිත ඕවර 15 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක සුරේෂ් රයිනා පන්දු 39 කින් ලකුණු 79 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.