Cricket NewsEXCLUSIVELPL

LPL 2021 තරඟාවලියේ Kandy Warriors නායකත්වය ඇන්ජලෝ පෙරේරාට පිරිනමයි – උප නායකයා චරිත් අසලංක.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් වඩා අඩු කාලයකි.

එනම් එළඹෙන දෙසැම්බර් 5 වනදා සිට පුරා මාසයක පමණ කාලයක් කොළඹ සහ හම්බන්තොට ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ පැවැති LPL 2020 තරගමාලාවේ දී Kandy Tuskers ලෙස තරග වැදුණු Kandy කණ්ඩායම මෙවර නව හිමිකාරිත්වයක් සමග LPL 2021 නියෝජනය කරනු ලබන්නේ Kandy Warriors ලෙසයි.

Kandy warriors කණ්ඩායමේ ඇතැම් තීරණ ක්‍රිඩක වෙන්දේසියේ දී පටන්ම සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයට බඳුන් වුණා.

මේ අතර අද දිනයේ දී මීට ස්වල්ප මොහොතකට පෙර Kandy warriors කණ්ඩායමේ නායකත්වය දරනු ලබන ක්‍රීඩකයා මාධ්‍යයට නිවේදනය කර තිබෙනවා. ලෙසේ නමුත් මිට පෙර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ නුවර කණ්ඩායම් නායකත්වය අසේල ගුණරත්නට හිමිවීමට නියමිත බවයි.

කෙසේ නමුත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාවේ දී Kandy Warriorsකණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඇන්ජලෝ පෙරේරා විසිනුයි. උපනායකත්වය චරිත අසලංක හට හිමිවී තිබෙනවා.

කෙසේ නමුත් බොහෝ ක්‍රිකට් විචාරකයින් මත පළකර සිටියේ බොහෝවිට Kandy Warriors කණ්ඩායමේ නායකත්වය යොවුන් ක්‍රීඩක චරිත් අසලංක හට හිමිවනු ඇති බවයි.

කෙසේ නමුත් Kandy Warriors බලධාරීන්ගේ තීරණය වී ඇත්තේ නායකත්වය ඇන්ජලෝ පෙරේරා හට ලබා දීමටයි.

ඒ අනුව මෙවර LPL සටනේ Kandy Warriors කණ්ඩායම මෙහෙයවීම ඇන්ජලෝ පෙරේරා විසින් සිදු කරනු ඇත.

ඒ අනුව KANDY WARRIORS හි,

නායකත්වය – ඇන්ජලෝ පෙරේරා
ප්‍රධාන පුහුණුකරු – Lalchand Rajput
සහය පුහුණුකරු – Ruvin Peiris

මේ පිළිබඳව KANDY WARRIORS නිල Facebook පිටුවේ තැබූ විශේෂ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7