Cricket NewsEXCLUSIVE

දෙවැනි දිනයේ වැඩි ගෞරව කොදෙව්වන් දිනාගනිද්දී, පැතුම් නිස්සංක හුදෙකලා ඉනිමක් දියත් කරයි.!

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයේ දෙවනි දිනයේදීද වැඩි පන්දුවාර සංඛ්‍යාවක් වර්ෂාව නිසා අත් හැර දමන්නට පිටියේ විනිසුරුවරුන් තීරණය කලේය. ඒ වන විටද තරඟයේ වැඩි වාසි අත්කරගන්නට සංචාරක කොදෙව් ක්‍රීඩකයන් සමත් විය.

අද දිනය සඳහා තරඟය ආරම්භ කරන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 113 ක් රැස් කරගෙන ප්‍රභල ස්ථානයක රැඳී සිටියේය. ලකුණු 18 ක් ලබා සිටි ඕශධ ප්‍රනාන්දු දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ ජොමෙල් වොරිකාන් යොමු කල පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ජොශුවා ඩ සිල්වා අතට උඩපන්දුවක් ලබාදෙමිනි.

ඉනිමේ නැංගුරම වූ පැතුම් නිස්සංක ලකුණු 73 කට දැවී ගිය අතර ඔහු මෙම තරඟාවලියේ වාර්ථා කරන ලද දෙවන අර්ධ ශතකය වන්නේ එයයි.

සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ලද චරිත් අසලංක ලකුණු 10 කට ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට වීරසාමි පර්මෝල් සමත් වූ අතර ඉනිමේ අගබාගයේදී පසුපෙල පිතිකරුවන් සමඟින් එක්ව ශ්‍රී ලංකා පළමු ඉනිමට යම් බලාපොරොත්තුවක් එකකරන්නට ආබාධයක්ද සහිතව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් හට හැකියාව ලැබුණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29 කට දැවී ගියේය.

දිනය ආරම්භයේදී කඩුලු 9 ක් අතැතිව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 9 ලකුණු 91 ක් තුල බිඳ දමන්නට වීරසාමි පර්මෝල් ප්‍රමුඛ කොදෙව් පන්දුයවන්නන් සමත් විය . දිවා ආහරයට පෙර එම කඩුලු 9 ම දැවී ගියේය.

සුපිරි පන්දු යැවීමක නිරත වූ වීරසාමි පර්මෝල් සිය පලමු කඩුලු 5 අවස්ථාව අද වාර්ථා කරමින් ලකුණු 35 කට කඩුලු 5 ල් බිඳ දැමීය. ජොමෙල් වොරිකාන් ලකුණු 50 කට කඩුලු 4 ක් බිඳදමන්නට සමත් විය.

ලකුණු 204 පසුපසින් සිටිමින් පළමු ඉනිම ඇරඹූ කොදෙව්වන් අද දිනය සඳහා තරඟය නතර කරන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 69 ක් රැස් කරගෙන සිටියේය.

කඩුල්ලේ නොදැවී රැඳී සිටින නායක ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 22 ක් හා න්කෘමා බෝනර් ලකුණු 1 ක් ලබා සිටී.

ඉනිමට සාර්ථක අඩිතාලමක් දමන්නට සමත් වූ ආරම්භක පිතිකරු ජර්මයිනි බ්ලැක්වුඩ් අර්ධ ශතකය ආසන්නයේදී ලකුණු 44 කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගන්නට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.

ගාලු ක්‍රීඩාංගණය අවට පැවැති අහයපත් කාලගුණ තත්වය නිසාවෙන් දෙවන දිනයේදී සවස තේ පානයෙන් අනතුරුව එකදු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක කරන්නට නොහැකි විය.

එනිසා එම ප්‍රමාදය මගහැරගැනීමේ අපේක්ෂාවෙන් තෙවැනි දිනය හෙට උදෑසන 9.45ට ආරම්භ කිරීමට නියමිතය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7