Cricket KnowledgeEXCLUSIVE

“ඇන්ජලෝ මොනාද කරේ…? ” ක්‍රිකට් රසියෙක් ඇන්ජලො මැතිව්ස් ගැන තැබු අපූරු සටහන.

පසුගිය දශකය තුළ ජාත්‍යන්තර ලකුණු 11,000+ හා කඩුළු 150+ ලබාගෙන ඇති ලොව එකම ක්‍රීඩකයා.
එක්දින පිටියේ සංගාට පමණක් දෙවෙනි වූ වැඩිම පිතිකරණ සාමාන්‍යයක් ඇති ශ්‍රී ලාංකික පිතිකරුවා.
එක්දින පිටියේ අඩුම පන්දු ගණනකින් අර්ධ ශතකයක් ලබාගත් ශ්‍රී ලාංකික නායකයා.
ටී ටුවෙන්ටි ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී පළමු පන්දුවාරය තුළම කඩුළු 3 ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා.


ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරඟය තුළම ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා.
ටෙස්ට් පිටියේ වැඩිම 6 පහරවල් සංඛ්‍යාවක් එල්ල කර ඇති ශ්‍රී ලාංකික පිතිකරුවා.
එක්දින තරඟයක 9 වන කඩුල්ල වෙනුවෙන් පිහිටවූ හොඳම සබඳතාවය.
ඕස්ට්‍රේලියාව පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට පත් කළ එකම ශ්‍රී ලාංකික නායකයා.
එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබාගත් එකම ශ්‍රී ලාංකික නායකයා.
2014 වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා.
2015 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා.
2014 ලෝක කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ සාමාජිකයෙක්.
මතක තියාගන්න ඒ නම හැමදාටම…
ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස්…!
වීරයෝ බිහිවේවී ඒත් මේ වගේ වීරයෙක් බිහි නොවේවි <3

සටහන – Himesh Nilanka

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button