Cricket NewsEXCLUSIVEIPLMatch Review

කේන් විලියම්සන් නායකත්වය දරන Sunrisers Hyderabad පරාජය කළ සංගාගේ Rajasthan Royals හට ලකුණු 61ක ජයක්.!

ක්‍රිකට් ලෝකේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය පසුගිය දා ආරම්භ වූයේ අති උත්කර්ෂවත් අයුරිනි.

ඒ අනුව අද පැවැත්වුණු තරඟාවලියේ 5වන තරඟය වූ Rajasthan Royals සහ Sunrisers Hyderabad අතර තරඟයෙන් Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 61කින් පරාජය කරමින් මෙවර IPL තරඟාවලිය අති සාර්ථකව ආරම්භ කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් ගෝ නැගීමට සමත් වුනා.

Rajasthan Royals හි වැඩිම ලකුණුලාභියා වූ නායක Sanju Samson වේගවත් පිතිකරණයක් දියත් කරමින් පන්දු 27ක් තුළ ලකුණු 55ක් රැස් කිරීමට සමත් වූනා.

Devdutt Padikkal ලකුණු 41ක් රැස් කළ අතර Jos Buttler ලකුණු 35ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Umran Malik සහ T. Natarajan කඩුලු 2ක බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 211ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 149ක් පමණයි.

Sunrisers Hyderabad වෙනුවෙන් Aiden Markram ලකුණු 57 ක් රැස්කිරීමට සමත්වුණා.

Washington Sundar ලකුණු 14 ක් රැස් කළ අතර Romario Shepherd ලකුණු 24ක් රැස්කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Yuzvendra Chahal විසින් කඩුලු 3ක් බිඳ හෙලූ අතර Prasidh Krishna සහ Trent Boult කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7