Cricket NewsEXCLUSIVEInternational

“IPL තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නැවත සිය රටට පැමිණ විරෝධතාකරුවන්ට සහය පළ කළ යුතුයි – අර්ජුන රණතුංග

Should focus on Sri Lanka cricket': Dasgupta calls Ranatunga's 'second-string side' comment 'disrespectful' | Cricket - Hindustan Times
ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ විශිෂ්ඨතම නායකයෙකු මෙන්ම 1996 ලෝක කුසලානය දිනා දුන් නායකයා වන අර්ජුණ රණතුංග මහතා පසුගියදා සුප්‍රකට ඉන්දියානු පුවත්පතක් වන ANI පුවත් සේවය සමඟින් අදහස් බෙදා ගැනීමට එක් විය.

එහිදී ව‍ර්ථමානයේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුධය පිළිබඳව පුළුල් ලෙස කථිකාවතක් මතුවිය.මේ දිනවල පවතින තත්වය පිළිඳව සඳහන් කරමින්,

“මොකක් හරි වැරද්දක් වුණාම ඒකට විරුද්ධව කතා කරන්න ධෛර්ය තියෙන්න ඕන, තමන්ගෙ වැඩක් ගැන හිතන්නෙ නැතුව, මිනිස්සු මගෙන් අහනවා ඇයි මම උද්ඝෝෂණවල නැත්තෙ කියලා. මම අවුරුදු 19ක් දේශපාලනයේ හිටියා විතරයි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි, මේ දක්වා කිසිම දේශපාලන පක්‍ෂයක්, දේශපාලනඥයෙක් උද්ඝෝෂණවලට මැදිහත් වෙලා නැහැ, ඒක තමයි මේ රටේ ජනතාවගේ ලොකුම ශක්තිය,” ඔහු පැවසීය.

මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු ප්‍රිමියර් ලීගයට එක්ව සිටින ක්‍රීඩකයින් සිය රටට පැමිණ තමන්ගේ ජනතාවට සහය විය යුතු බව අර්ජුන රණතුංග කියා සිටියේය. අවම වශයෙන් සතියක්වත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටියේය.

“IPL තරඟාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කවුරුන්ද යන්න ඔබ සැවොම දන්නා බව මට විශ්වාසයි. මම සඳහන් කිරීමට අවශ්‍ය නැති නමුත් IPL තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නැවත සිය රටට පැමිණ විරෝධතාකරුවන්ට සහය පළ කළ යුතුයි ” යනුවෙන් ඔහු තවදුරටත් ANI පුවත් සේවය වෙත පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7