Cricket NewsEXCLUSIVEIPLMatch Review

ඇදහිය නොහැකි ජයක් කරා Gujarat Titans මෙහෙයවූ David Millerගේ සුපිරි පිතිකරණය – ප්‍රසාද ලකුණු සටහනේත් පළමු තැනට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 29වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සහ Gujarat Titans කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරිමට සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා.විශිෂ්ට ඉනිමක් දියත් කළ Ruturaj Gaikwad ලකුණු 73ක් රැස් කල අතර Ambati Rayudu ලකුණු 46ක් රැස් කළා.

පන්දු යැවීමේදී Alzarri Joseph කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන්ට එම ඉලක්කය පහසු කිරීමට මහිෂ් තීක්ෂණ ප්‍රමුඛ CSK පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. Gujarat Titans ඉනිම ලකුණු 48ක් ලෙස සටහන් වද්දී ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 4ක් ම බිඳ හෙලීමට Chennai Super Kings පන්දුයවන්නන් සමත් වුනා.

කෙසේ නමුත් පිටියේ එක් වූ David Miller හා Rashid Khan විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් නොතිබූ ජයක් කරා Gujarat Titans කණ්ඩායම මෙහෙයවීමට සමත් වුනා.

David Miller පන්දු 51 තුල ලකුණු 94ක් රැස් කරමින් ජයග්‍රහණයේ නියමුවා වූ අතර ඊට අනගි සහයක් ලබා දුන් වැඩ බලන නායක Rashid Khan පන්දු 21 ක් තුල අධි වේගී ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුනා.

CSK වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ සිය පන්දුවාර 4තුල කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුයේ ප්‍රතිවාදී පිතිකරුවන්ට සිය පන්දුවාර 4තුල ලකුණු 24 පමණක් ලබා දෙමිනි.

මහිෂ් මේ වන විට තරඟ 3කට පමණක් සහබාගි වී කඩුලු 6ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button