Cricket NewsEXCLUSIVELegends Series

අර්ජුණ, සනත්, මුරලි, චමින්ද වාස්, ඩිල්ෂාන් රජ කරන Legends League තරඟාවලිය හෙටයි – පුහුණුවීම් අවසන්.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඉන්දියා මහරාජාස්, ඒෂියා ලයන්ස් සහ වර්ල්ඞ් ජයන්ට්ස් යන කණ්ඩායම් තුනේ සහභාගීත්වයෙන් ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන Legends League තරගාවලිය හෙටින් (20) ආරම්භ වීමට නියමිතය.

Legends League තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් තුනම එකිනෙකාට එරෙහිව තරග 2 බැගින් සහභාගි වන අතර මූලික වටය අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

ඒ අනුව මෙම තරඟාවලියට සහබාගි වීම සඳහා ක්‍රීඩකයන් දැනටමත් ඔමනයට පැමිණ ඇති අතර ඒෂියා ලයන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද පුහුණුවීම් සඳහා ද එක්‌ වී සිටියා.

මෙවර පැවැත්වෙන Legends League තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් එක්ව සිටින අතර තිලකරත්න ඩිල්ශාන්,රොමේශ් කළුවිතාරණ,චමින්ද වාස්,මුත්තයියා මුරලිදරන්,උපුල් තරංග,සනත් ජයසූරිය,අජන්ත මෙන්ඩිස් ,දිල්හාර ප්‍රනාන්දු හා නුවන් කුල්සේකර යන ක්‍රීඩකයන් එලෙසින් මේ වන විට ඕමානයට පැමිණ සිටිනවා

මෙවර ශ්‍රී ලංකා,පකිස්තාන හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් එක්ව ඒශියා ලයන්ස් කණ්ඩායමේ සංයුතිය සකස් වී ඇති අතර හිටපු පකිස්තානු නායක මිස්බා උල් හක් මෙවර ඒශියා ලයන්ස් කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතය.

මෙවර තරඟවදින ඒශියා ලයන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග හට හිමිව ඇති අතර සහය පුහුණු කරු ලෙසින් මාරියෝ විල්වරායන් කටයුතු කිරීමට නියමිතය.

ඒශියා ලයන්ස් පුහුණු සැසියේ ජායාරුප කිහිපයක් පහතින්,

01

02

03

04

කණ්ඩායම් සංයුතිය පහතින්

ඉන්දියා මහරාජාස් කණ්ඩායම

විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, හර්බජාන් සිං, ඉර්ෆාන් පතන්, යුසෆ් පතන, සුබ‍්‍රමනියම් බද්‍රිනාත්, රුද්‍රා ප‍්‍රතාප් සිං, ප‍්‍රගයන් ඕජා, නාමන් ඕජා, මන්ප‍්‍රීත් සිං ගෝනි, හෙමංග් බදානි, වේනුගෝපාල් රා ඕ, මුනාෆ් පටේල්, සංජය බන්ගර්, නයන් මොන්ගියා සහ අමිත් භණ්ඩාරි

ඒෂියා ලයන්ස් කණ්ඩායම

සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර, උපුල් තරංග, ෂොයිබ් මලික්, සහීඞ් අෆ්රිඩි, කම්රාන් අක්මාල්, අසාර් මහමුද්, මිස්බා උල්හක්, මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, මොහොමඞ් යූසෆ්, උමාර් ගුල් සහ අස්ගර් ඇෆ්ගන්

වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම

ඩැරන් සැමී, ඩැනියෙල් විටෝරි, බ්‍රෙට් ලී, ජොන්ටි රෝඞ්ස්, කෙවින් පීටර්සන්, ඉම්රාන් තාහීර්, ඔවයිස් ෂා, හර්ෂල් ගිබ්ස්, ඇල්බි මෝකල්, මෝනි මෝකල්, කෝරි ඇන්ඩසන්, මොන්ටි පනේසාර්, බ‍්‍රැඞ් හැඩින්, කෙවින් ඕ‘බ‍්‍රයන් සහ බ්‍රෙන්ඩන් ටේලර්

තරග කාල සටහන

ජනවාරි 20 – ඉන්දියා මහරාජාස් පිල සහ ඒෂියා ලයන්ස් පිල අතර
ජනවාරි 21 – වර්ල්ඞ් ජයන්ට්ස් පිල සහ ඒෂියා ලයන්ස් පිල අතර
ජනවාරි 22 – වර්ල්ඞ් ජයන්ට්ස් පිල සහ ඉන්දියා මහරාජාස් පිල අතර
ජනවාරි 24 – ඒෂියා ලයන්ස් පිල සහ ඉන්දියා මහරාජාස් පිල අතර
ජනවාරි 26 – ඉන්දියා මහරාජාස් පිල සහ වර්ල්ඞ් ජයන්ට්ස් පිල අතර
ජනවාරි 27 – ඒෂියා ලයන්ස් පිල සහ වර්ල්ඞ් ජයන්ට්ස් පිල අතර
ජනවාරි 29 – අවසන් මහ තරගය

ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ට මෙවර තරඟාවලියේ සුප්‍රීම් ටීවී ඔස්සේ විකාශය වන අතර සුප්‍රීම් ටීවී නිල You Tube නාලිකාව ඔස්සේද විකාශය වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7