Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන ශ්‍රී ලංකා ක්‍රිකට් හි අලුත්ම පියවර National Super League හි නායකයන් සහ කණ්ඩායම් නම් කෙරේ.!

තරුණ ක්‍රීඩකයන් සොයා යන ගමනක තවත් පියවරක් ලෙස පළමු වරට සංවිධානය කරන ලද National Super League එක්දින තරගාවලිය එළඹෙන 24 වන දා සිට ආරම්භ වීමට නියමිතය.

තරඟාවලියට කණ්ඩායම් 5ක් ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම්හි නායක දසුන් ශානක, උපනායක ධනංජය ද සිල්වා, හිටපු නායක ඇනජලෝ මැතිව්ස්, අෂාන් ප්‍රියංජන් සහ කමිඳු මෙන්ඩිස් නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ නායකයන් ලෙස තෝරාගෙන ඇත.

කොළඹ කණ්ඩායම දසුන් ශානකත්, යාපනය කණ්ඩායම ධනංජය ද සිල්වාත්, ගාල්ල කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසිනුත්, දඹුල්ල කණ්ඩායම අෂාන් ප්‍රියංජනත්, මහනුවර කණ්ඩායම කමිඳු මෙන්ඩිස් විසිනුත් මෙහෙයවනු ලැබේ.

ප්‍රධාන පුහුණුකරුවන් ලෙස රුවින් පීරිස් මහතා කොළඹ කණ්ඩායමටත්, ජෙහාන් මුබාරක් මහතා ගාල්ල කණ්ඩායමටත්, තිළිණ කණ්ඩම්බි මහතා යාපනයේ කණ්ඩායමටත්, අවිශ්ක ගුණවර්ධන මහතා දඹුල්ල කණ්ඩායමටත්, මලින්ද වර්ණපුර මහතා මහනුවර කණ්ඩායමටත් පත්කර ඇත.

ඒ ඒ කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව දෙවරක් තරග කරනු ලබන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පෙබරවාරි මස 19 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

පළමු වටයේ තරග කොළඹ එස්.එස්.සී සහ පී.සරා ඕවල් ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර දෙවැනි වටයේ තරග සහ අවසන් මහා තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන දේශීය තරගාවලියට සහභාගිවන ක්‍රීඩා සමාජ 26 කින් තෝරා ගන්නා ක්‍රීඩකයන් නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් පහ අතර බෙදී යනු ඇත.

ඒ අනුව කොළඹ, මහනුවර, යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා සමාජ 5 බැගින්ද, දඹුල්ල කණ්ඩායම සඳහා ක්‍රීඩා සමාජ 6 බැගින්ද බෙදී යනු ඇත.

ජාතික තේරීම් කමිටුව විසින් නැෂනල් සුපර් ලීග් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 බැගින් තෝරා දෙනු ලැබේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයන්ට අමතර අදාල කණ්ඩායම් වලට නම්කර ඇති පුහුණුකරුවන් සමගින් එක්ව තවත් ක්‍රීඩකයන් 25 දෙනෙකු තෝරාගනු ලැබේ.

“නැෂනල් සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් ක්‍රීඩකයන්ට වැඩි ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා ක්‍රීඩා සමාජ තරග වලදී ගෙවන තරග ගාස්තුවලට වඩා වැඩි ගෙවීමක් කිරීමට අපි උත්සහ කරනවා. ඔවුන්ගේ තරග ගාස්තු අතීතයේ ලබා ගත් මුදලට වඩා ගොඩක් වැඩි වෙනවා. ක්‍රීඩා සමාජ තරග වලදී හොඳින් දස්කම් දක්වමින් නැෂනල් සුපර් ලීග තරගාවලියට එක්වීම සඳහා ඔවුන්ව දිරිමත් කිරීම ප්‍රධාන වශයෙන්ම සිදුවෙනවා” යැයි තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

”ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරඟාවලිය හරහා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ක්‍රිකට් හැකියාව සහ ජීවන රටාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා මූල්‍යමය වශයෙන් සහය දැක්වීමට අපේක්ෂා කරනවා”

නැෂනල් සුපර් ලීග සීමිත ඕවර තරගාවලිය අවසන් වීමෙන් පසුව, එම කණ්ඩායම් පහම සහභාගී වන සිව්දින ලීග් තරඟාවලිය පෙබරවාරි 25 වන දින ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

ඊට සමගාමීව නැඟී එන තරගාවලිය (23න් පහළ) තුන්දින තරගාවලියක් ලෙස පැවැත්වේ.

එම තරගාවලියට ක්‍රීඩා සමාජ 26 ක් සහභාගී වන අතර එහිදී ක්‍රීඩා සමාජයකට වයස අවුරුදු 24 ට වැඩි සහ 28ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩා කරවීමේ අවස්ථාව හිමිවේ.

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් කණ්ඩායම් අතර බෙදී ගොස් ඇති ආකාරය,

මහනුවර කණ්ඩායම

කමිල් මිෂාර (WK)
ලසිත් කෲස්පුල්ලේ
පැතුම් නිස්සංක
ඕෂද ප්‍රනාන්දු
නිරෝෂන් දික්වැල්ල (wk)
කමිඳු මෙන්ඩිස් – (c)
සහන් ආරච්චිගේ
චතුරංග ද සිල්වා
චාමික කරුණාරත්න
ලහිරු කුමාර
චාමික ගුණසේකර
දුෂ්මන්ත චමීර
අසිත ප්‍රනාන්දු
අෂේන් ඩැනියෙල්
පුලින තරංග
අතිරේක ක්‍රීඩකයින් –
ලහිරු උදාර (wk), ඇන්ජලෝ පෙරේරා, විශ්ව චතුරංග, තික්ෂිල ද සිල්වා, ලසඳ රුක්මාල්, නිපුන් රන්සික, සචිඳු කොළඹගේ

කොළඹ කණ්ඩායම

දිමුත් කරුණාරත්න
ධනුෂ්ක ගුණතිලක
අවිශ්ක ප්‍රනාන්දු
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස් (wk)
සම්මු අශාන්
අශේන් බණ්ඩාර
දසුන් ශානක – (c)
ලහිරු මධුශංක
කලන පෙරේරා
හිමේෂ් රාමනායක
මොහොමඩ් දිල්ෂාඩ්
ප්‍රභාත් ජයසූරිය
තරිඳු රත්නායක
කවිඳු නදීශාන්
අතිරේක ක්‍රීඩකයින් –
ක්‍රිෂාන් සංජුල (wk), නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සචින්ත ජයතිලක

යාපනය කණ්ඩායම

සධීර සමරවික්‍රම (wk)
නිශාන් මධුෂ්ක (wk)
ලහිරු තිරිමාන්න
නවෝද් පරණවිතාන
ධනංජය ද සිල්වා – (c)
ජනිත් ලියනගේ
සන්තුෂ් ගුණතිලක
ඉෂාන් ජයරත්න
රවිඳු ප්‍රනාන්දු
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ශිරාන් ප්‍රනාන්දු
බිනුර ප්‍රනාන්දු
ජෙෆ්රි වැන්ඩර්සේ
දිලුම් සුධීර
අතිරේක ක්‍රීඩකයින් –
සමින්ද ප්‍රනාන්දු, ප්‍රමෝද් එම් ලියනගමගේ, නිපුන් මාලිංග, කසුන් මධුශංක, වී වියස්කාන්ත්

ගාල්ල කණ්ඩායම

අශාන් රන්දික
දිනේෂ් චන්දිමාල් (wk)
හිමාෂා ලියනගේ
මුදිත ලක්ෂාන්
ඇන්ජලෝ මැතිව්ස් – (c)
අසේල ගුණරත්න
විශාද් රන්දික (wk)
ධනංජය ලක්ෂාන්
රමේෂ් මෙන්ඩිස්
මොහොමඩ් ශිරාස්
කවිශ්ක අංජුල
ජෙහාන් ඩැනියෙල්
මහේෂ් තීක්ෂණ
ප්‍රවීන් ජයවික්‍රම
නිමේෂ් විමුක්ති
අතිරේක ක්‍රීඩකයින්
මොහොමඩ් ෂමාස්, ප්‍රියමාල් පෙරේරා, සුමින්ද ලක්ෂාන්, අකිල ධනංජය

දඹුල්ල කණ්ඩායම

මිනෝද් භානුක (wk)
ගයාන් මනිෂාන්
රොන් චන්ද්‍රගුප්ත
පවන් රත්නායක
සොනාල් දිනූෂ
භානුක රාජපක්ෂ
අශාන් ප්‍රියංජන් – (c)
ලසිත් අබේරත්න
ලහිරු සමරකෝන්
වනිඳු හසරංග
විශ්ව ප්‍රනාන්දු
නුවන් තුෂාර
අනුක් ප්‍රනාන්දු
ලක්ෂාන් සඳකැන්
දුවිඳු තිලකරත්න
අතිරේක ක්‍රීඩකයින්

සමීර සඳමල්, දුෂාන් හේමන්ත, අම්ෂි ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7