Cricket NewsEXCLUSIVEUnder-19

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එංගලන්තය ඉදිරියේ පරාජය වද්දී, නායක දුනිත් වෙල්ලාගේ සුපිරි තුන්ඉරියව් දක්ෂතා හුදෙකලා සටනකට සීමාවෙයි.!

සංචාරක එංගලන්ත යොවුන් කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ SSC පිටියේදී පැවැත් විණි.

බංග්ලාදේශයට එරෙහිව පූර්ණ තරඟාවලි ජයක් ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් පිල මෙම තරඟාවලිය සඳහා ඉතා හොඳ මානසික මට්ටකින් හා විශ්වාසයක් ද සමගින් අවතී‍ර්ණ වූ මුත් එය ජයග්‍රහණයක් බවට පරිවර්ථනය කරගන්නට නොහැකි විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ මුලින්ම පන්දුවට පහර දීම සඳහා එංගල්න්ත යොවුන් පිලට ඇරයුම් කලේය. මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිමේ එකදු අර්ධ ශතකයක් හෝ වාර්ථා නොවුන මුත් පන්දුවාර 49 කුත් පන්දු තුනක් අවසානයේ සියලු දෙනාදැවී ලකුණු පුවරුව ලකුණු 242 ක් දක්වා ගෙනයාමට ඔවුන් සමත් විය.

ඒ සඳහා මුල් පෙල පිතිකරුවන් අගනා දායකත්වයක් ලබාදුන් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Williom Luxton ලකුණු 44 ක් රැස් කිරීමට සමත් විය එයට හතරේ පහර 3 ක් හා එක් හයේ පහරක් අන්තර්ගත විය.

James Rew ලකුණු 40 ක් රැස් කරන්නට සමත් විය. සාම්ප්‍රදායික අන්දමටම එංගලන්ත පිතිකරුවන් දඟපන්දු යවන්නන්ට එරෙහිව දක්වන දුර්වලතාවයෙන් උපරිම ප්‍රයෝජන නෙලාගන්නට සමත් වූ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 30ට කඩුලු 5 ක් බිඳ දමන්නට සමත් විය.

ලකුණු 243 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමිඳු වික්‍රමසිංහ හා අන්ජල බණ්ඩාර ලකුණු 51 ක ආරම්භක සඹතාවයක් ගොඩනැංවීය.

ඉන් අනතුරුව කඩුලු එකිනෙක බිඳ වැටුණු අතර 6 වන කඩුල්ල සඳහා පිටියට එක්වූ නායක දුනිත් වෙල්ලාලගේ සමඟින් එක්ව සිය මංගල තරඟයට ක්‍රීඩා කල රනුද සෝමරත්න 6 වන කඩුල්ල සඳහා ලකුණු102 විශිෂ්ඨ සබඳතාවයක් ගොඩ නැංවීය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 68 කදී ලකුණු 68 ක් රැස් කරන්නට සමත් විය.

රනුද සෝමරත්න ලකුණු 57 ක් රැස් කලේය . එම ඉනිම් ද්විත්වයම ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම දමන්නට ප්‍රමාණවත් නොවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී රැස් කරන්නට සමත් වූයේ ලකුණු 217 ක් පමණි.

Joshua Boyden ලකුණු 23 කට කඩුලු 3 ක් බිඳ දමන්නට සමත් වූ අතර Baker , Prest හා Ahamed අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

පලමු එක්දින තරඟය ලකුණු 25 කින් ජයගනිමින් තරඟ 1-0 ලෙස තරඟාවලියේ පෙරමුණ ගන්නට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

දෙරට අතර පැවැත්වීමට නියමිත මීළඟ තරඟය ලබන දෙසැම්බර් මස තුන්වැනිදා ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button