Cricket NewsEXCLUSIVE

ජූලි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයාට පිරිනැමෙන ICC Player Of Month සම්මානය සඳහා ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා.

ඒ ICC විශේෂ විනිසුරු මඩුල්ලකගේ සහ ක්‍රිකට් රසිකයන් ලබා දෙන Online Votes මගිනි.

ඒ අනුව පසුගිය ජූලි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තිදෙනා ලෙසට ICC ය නම් කළ ක්‍රිඩකයන් තිදෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නිර්දේශ වී තිබෙනවා.

ඊට අමතරව එංගලන්ත ක්‍රීඩකයෙක් සහ ප්‍රංශ ක්‍රිඩකයෙක් එම නිර්දේශිත නාම අතර තිබෙන අතර ඉන් එක් ක්‍රීඩකයෙකු ICC Player Of The Month සම්මානයට පාත්‍ර වනු ඇත.

ඒ අතරට නම්වු ශ්‍රී ලංකා ක්‍රීඩකා වන්නෙ පසුගිය මාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගනිමින් තමන් ක්‍රිඩා කළ තරඟ තුන තුළ කඩුලු 29ක් දවාගැනීමට සමත් වූ ප්‍රභාත් ජයසූරියයි.

පසුගිය ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දෙවන තරඟයේදි ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රභාත් ජයසූරිය එම තරඟයේ වීරයා බවට පත් වූ අතර අනතුරුව පකිස්තානය සමග පැවති තරඟාවලියේ වීරයා බවටද ඔහු පත් වුනා.

එමෙන්ම ඔහුට අමතරව එංගලන්ත සුපිරි පිතිකරු ⁣Jonny Bairstow සහ ප්‍රංශ ක්‍රිඩක Gustav Mackeon නිර්දේශ වි තිබෙනවා.

ඒ අනුව මේ වන විට ක්‍රිකට් රසිකයන්ට ඔවුන්ට මනාපය පළ කිරීමට හැකි අතර ඒ අනුව ඉදිරියේ දී ICC Player Of The Month ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ප්‍රභාත් ජයසූරිය හට මනාපය පළ කිරීම සඳහා පිවිසෙන්න >>> https://www.icc-cricket.com/awards/player-of-the-month/mens-player-of-the-month#

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7