Cricket NewsEXCLUSIVE

“අපි මේ තරඟාවලිය ජයග්‍රහණය කළේ තරුණ ක්‍රීඩකයන් රැසක් එක්ක,බොහොම ස්තූතියි අපේ තරඟ බලන්න ආවට” – දසුන් ශානක ක්‍රිකට් රසිකයන්ට ස්තුති කරයි.!

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ අද පැවති තීරණාත්මක අවසන් තරගය ලකුණු 184ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරමින් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත් වූයේ තරඟාවලි ජයක් සමග 2022 වසර අරඹමිනි.

අද තරඟයෙන් අනතුරුව පවතී මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මේ පිළිබඳව නිවේදකයා සමග මෙලෙස අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කළා.

නායකයා ලෙස මෙම ජයග්‍රහණය ඔබට දැනෙන්නේ කෙසේදැයි නිවේදකයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් දසුන් ශානක මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“අපේ කණ්ඩායම අද හොඳට ක්‍රීඩා කළා, තරඟාවලිය පුරාවට තීරණාත්මක සාධකය වුණේ කාසියේ වාසිය. අපි අද කාසි වාසි දිනපු එක අපිට අමතර වාසියක් වුණා. ඒ වගේම අපේ ක්‍රීඩකයන් හොඳින් දස්කම් දැක්වුවා.

දසුන් ශානක පිතිකරුවෙක් ලෙස සාර්ථක වීම පිළිබඳව නිවේදකයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් දසුන් ශානක මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“දුෂ්මන්ත චමීර සහ මම මෙවර තරගාවලියට සම්බන්ධ වෙන්නේ කොරෝනා රෝගය Positive වෙලා සුව වීමත් සමඟම.

මම ඉතා කැපවීමෙන් පුහුණුවීම් වල නිරත වුණා. ඒ හැම දෙයක්ම නිසා මට පුළුවන් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න. ඒ වගේම මම වැඩ කරනවා මේ වගෙ ලකුණු සංඛ්‍යාවක් නැවත නැවතත් මගේ රටට ලබා දෙන්න. ”

නවක ක්‍රීඩකයන් රැසක් සමග තරඟාවලිය ජය ගැනීම පිළිබඳව නිවේදකයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් දසුන් ශානක මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“අපි මේ තරඟාවලිය ජයග්‍රහණය කළේ තරුණ ක්‍රීඩකයින්ගෙන් විශේෂයෙන් අපේ ක්‍රීඩකයින් 8 දෙනෙකු ම හිටියේ තරඟාවලියෙන් එළියෙ, නමුත් අපි තරුණ ක්‍රීඩකයින් එක්ක තරගාවලියේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුභ පෙරනිමිත්තක්.”

එමෙන්ම තරඟනැරඹීම සඳහා පැමිණ සිටි සුවහසක් ක්‍රිකට් රසිකයන් අමතමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් මෙලස ඔවුන් වෙනුවෙන් ප්‍රකාශයක් සිදු කළා.

“බොහොම ස්තූතියි කොවිඩ් වලින් පස්සේ අපේ තරග බලන්න ආවට තරඟ තුනේම අපේ රසිකයො ලොකු සහයෝගයක් ලබා දුන්නා, ඉතිං ඔයාලට ගොඩක් ස්තුති කරනවා මම..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7