Cricket NewsEXCLUSIVEInternational

ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ අදහස පෙරදැරිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි!

8 වන වරට පැවැත්වෙන කාන්තා ආයියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය.මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චමරි අතපත්තු හට පැවරී තිබේ.

අවසන් වරට 2018 වසරේදී පැවැති මෙම තරඟාවලිය ජයගත් බංග්ලාදේශය මෙවර තරඟාවලිය සඳහා සත්කාරකත්වය ලබාදෙනවා.තරඟාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන්නේ සිව් වන වරටයි.

ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් පිටත්ව ගිය බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.අනෙකුත් සංස්කරණයන් හිදී එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව මෙවර තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩාමය හොඳ මට්ටමක සිටී.

යම් හෙයකින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය ජයගත හොත් එක් වසරකදී පිරිමි හා කාන්තා ආසියානු කුසලානයන් ද්විත්වයම ජයගත් දෙවන ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7