Cricket NewsEXCLUSIVEInternational

දීර්ඝ ලෝක කුසලානයක ගමනකට සැරසෙන ශ්‍රී ලංකා සංචිතය – ලෝක කුසලාන පෙර දැක්ම

ආසියානු ශූරයින් ලෙසින් පෙරට වඩා යහපත් මානසිකත්වයකින් මෙවර ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වනු ඇත.සුදුසුකම් ලබාගැනීමේ වටයකට සහභාගී වෙමින් සුපිරි කණ්ඩායම් 12 අතර ඉඩ වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කල අවසන් විස්සයි විස්ස තරඟයද ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් හොඳ මානසික මට්ටකට පැමිණ තිබෙන්නේ ස්ථාවර වූ සංචිතයක්ද සමඟිනි.

ශ්‍රී ලංකා සංචිතයේ පිතිකරණ බලඇණිය ස්ථාවර මැදපෙලක් හා සාර්ථක ආරම්භයක් ඉනිමට එක් කල හැකි ආරම්භක සුසංයෝගයකින් සමන්විත වේ.කුසල් නිස්සංක ආරම්භක පිතිකරුවන් සුසංයෝගය මඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ ජයග්‍රහණය සඳහා අඩිතාලම නිර්මාණය් කර ගත්තේය. ක්‍රිකට් පොතේ අඩංගු පහරවල් එල්ල කරමින් වේගවත් ආරම්භයක් ලබා දීමට ඔවුන් දෙදෙනා හට ආසියානු කුසලානයේදී හැකිවිය.ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමේ තම ස්ථානය වෙන් කරගත් කුසල් මෙන්ඩිස් හොඳ මානසිකත්වයකින් හා ඉහළ විශ්වාසයකින් යුතුව ලකුණු අතරට පිවිසුණි.තේරීම් කමිටුව වසර ගණනාවකට පෙර ඔහුගේ තාක්ෂණය පිළිබඳව විශාල විශ්වාසයක් තැබූ අතර අත්දැකීම් තුලින් විශාල පන්නරයක් ඔහු ලබාගෙන ඇති බව අවසන් තරඟාවලි කිහිපයේදීම පෙන්නුම් කලේය.සෙසු ආරම්භක පිතිකරුවා ලෙසින් සංචිතය ශක්තිමත් කරන පිතිකරුවා වන්නේ නිස්සංකයි.තම රිද්මයෙහි හිනිපෙත්තෙහිම සිටින නිස්සංක තම පිතිකරණයට නව මුහුණුවරක් එක්කරගෙන තිබෙන බවක් දක්නට ලැබුණි.ඒ තුලින් තම සුපුරුදු තරඟ රටාවට අවතීර්ණ වන්නට අවකාශය සෙසු මැද පෙල පිතිකරුවන් හට නිර්මාණය විය.

නොම්බර තුන හා හතර තවමත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කල කරුණක් වන නමුත් අසලංක,ධනංජය,අශේන් හා ධනුශ්ක එම පිතිකරණ ස්ථාන සඳහා ආදේශ කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුය.ධනංජය හා අසලංකට පිළිවෙලින් එම පිතිකරණ ස්ථානවල පිතිකරණයේ යෙදෙයි නම් එය අමතර වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියට එක් කරනු ඇත.ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ධනංජය ස්ථාවර කෙටි වේගවත් ඉනිමක් දියත් කරමින් තමන් විස්සයි විස්ස ආකෘතිය තුලද මුල්පෙල ශක්තිමත් කල හැකි අයෙක් බව පෙන්නුම් කලේය.තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම යොවුන් ක්‍රීඩක අසලංක පිළිබඳව විශ්වාස කරන බව නොරහසකි.අසලංක වැනි පිතිකරුවෙකුගේ අවශ්‍යතාව ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩිව පවතී.ඕනෑම තත්වයක් යටතේ ක්‍රීඩා කිරීමේ හැකියාව ඔහු සතුවන නමුත් ආසියාවෙන් පිටතදී ක්‍රීඩා කල තරඟාවලිය කිහිපයේදීම අසලංක අසාර්ථක වීම ඔහුගේ පිතිකරණ ස්ථානය පිලිබඳව ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කලේය.

භානුක-දසුන් හට මැදපෙල ශක්තිමත් කිරීමේ වගකීම පැවරෙද්දී ඔවුන් දෙදෙනා දැන් තම සුපුරුදු ක්‍රීඩා විලාශයේ හොඳින් නිරත වන ආකාරය පෙනෙන්නට තිබේ.ඔවුන් දෙදෙනා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනා ලෙසින් අත්දැකීම් සම්භාරයකට උරුම කම් කියන අතර භානුක පෙරට වඩා විශ්වාසදායක පිතිකරුවෙකු ලෙස තම භූමිකාව හොඳ මට්ටමකට ගෙනවිත් තිබෙන අතර අවශ්‍ය ප්‍රවේගකාරී පිතිකරණ මෙන්ම ඉනිමක් ඔහුට් වටා ගොඩනංවන්නටද ඔහුට ඇති හැකියාව ඔහු මනාව ආසියානු කුසලානයේදී පෙන්නුම් කලේය.නායකත්වය භූමිකාවට පමණක් සීමා වූවා යැයි කියූ ශානක දැන් තම සුපුරුදු තරඟරටාව මඟින් තරඟ අවසන් කිරීමේ භූමිකාව තුල සාර්ථක වී තිබේ.නායකත්වයට පත් වූ මුල් කාලය තුල දසුන්ගේ දායකත්වය පිළිබඳව විශාල වශයෙන් ගැටලු මතුවූ නමුත් වර්ථමානය වන විට ඔහු ලොව සිටින හොඳම තරඟ අවසන් කරන්නෙකු ලෙස අවිවාධයෙන්ම පිළිගන්නට පුළුවන්.

චාමික හා හසරංග ඕනෑම වෙලාවක පිත්තෙන් තරඟයක් වෙනස් කල හැකි ක්‍රීඩකයින් බව පෙන්නුම් කර තිබේ.දේශීය පිටිය තුලදී ඔවුන් පිතිකරුවන් ලෙසින් සාර්ථක නමුත් ජාත්‍යන්තර පිටියට එය රැගෙන ඒමේදී වනිඳු හසරංග තරමක අස්ථාවරත්වයක් පෙන්නුම් කලේය.නමුත් දැන් හසරංග තම පිතිකරණ භූමිකාව තුල සාර්ථක වන්නට අවකාශය ආසියානු කුසලානයේදී නිර්මාණය කරගත්තේය.

භානුක , දසුන් , වනිදු හා ගේ එකතුව තුල ඉනිමට වේගවත් අවසානයක් ලබා ගැනීම ශක්තියක් වූ දීර්ඝ පිතිකරණ අනුපිලිවලක් සහිත කණ්ඩායමක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබේ.

ශානකට ඕනෑම ආකාරයකට උපයෝගී කරගත හැකි පන්දු සංකලනයක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබේ.වේගය මෙන්ම දෝලනය කැටිගරත් හොඳ වේගපන්දු බලඇණියකින් ශ්‍රී ලංකා කණ්ඩායම සවිමත් ව තිබේ.අත්දැකීම් අතින් ගත් කල ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රධානතම වේගපන්දු යවන්නා වන්නේ දුශ්මන්ත චමීරයි.වළලුකර ආබාධය සුව වීමෙන් අනතුරුව ඔහු යලිත් ජාතික කණ්ඩායමට පැමිණ තිබේ.ඔහුගේ සහයට සෙසු වේගපන්දු යවන්නන් සිව් දෙනෙකු කණ්ඩායම තුල සිටින අතර ඔවුන් අතර චාමික කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් කණ්ඩායමේ නොම්බර 8 වෙන් කරගනු ඇත.ඊට අමතරව තවත් එක් වේගපන්දු යවන්නෙකු හට හට කණ්ඩායමේ ඉඩ විවර වන අතර ඒ සඳහා අපේක්ෂාවෙන් ලහිරු,ඩිල්ශාන් හා ප්‍රමෝද් පසුවනවා.

වේගපන්දු යවන්නෙකු සතු සියලුම ගුණාංග වලින් සමන් විත වේගපන්දු යවන්නෙකු බව ඩිල්ශාන් අවසන් ආසියානු කුසලානයේදී පෙන්නුම් කලේය.බොහෝ විට ඔහුට දුශ්මන්ත චමීර සමඟින් කණ්ඩායමේ වේගපන්දු බලඇණිය මෙහෙයවනු ඇත.

වඩාත් සාර්ථක දඟපන්දු සුසංයෝගයක් නිර්මාණය කරගැනීමේ හැකියාවකින් ශ්‍රී ලංකා කණ්ඩායම යුක්ත වන අතර වනිදු – මහීෂ් තීක්ෂණ සුසංයෝගය අවසන් වසර කිහිප ය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ කොඳු නාරටිය වූවා.ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ සිටින තුන්වන නිත්‍ය දග පන්දු යවන්නා වන්නේ ජෙෆ්රි වැන්ඩර්සේ.පෞද්ගලිකව ඔහු තම දක්ශතා අතර හොඳින් සිටින කාලවකවානුවක් බවට මේ සමය හඳුන්වන්නටත් පුලුවන්.ඔස්ට්‍රේලියානු තණතීරු තුලදී පා දඟ පන්දු යවනන් හට සාර්ථක වීමට ඇති හැකියාව පිට දංග පන්දු යවන්නට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව පොදුවේ පිලිගැනෙන මතයක් වන අතර ඊට ප්‍රධානතම හේතුව ඔවුන් සතු පන්දු සංකලනයයි.එමෙන්ම සාම්ප්‍රදායික පිට දඟ පන්දු යවන්නෙකුගේ භූමිකාවට වඩා වෙනස් භූමිකාවක් මහීෂ් හට පැවරී තිබේ.ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී ඔහුගේ පන්දුවාර 4 Spell තුනකදී ක්‍රියාත්මක වන බව දක්නට ලැබුණි.ඔහුගේ එල්ලය හා පතිතය හොඳ මට්ටමක තිබෙන අතර ඔහුගේ එක් අන්තයට පාලනයෙන් යුතු පන්දු යැවීමේ පීඩනය හේතුවෙන් හසරංගට පහසුවෙන්ම කඩුලු දවාගන්නට ඇති හැකියාව නිර්මාණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට මැදපන්දුවාර කිහිපයේදී තරඟය වෙනස් කිරීමේ ප්‍රධානතම සාධකය වනව.

ධනංජය ප්‍රධාන වශයෙන් පිතිකරුවෙක් වුවත් භාග පන්දුයවන්නෙකුට වඩා ඉහල දක්ෂතාවයක් ඔහු සතුවනවා.අවසන් වසර කිහිපය තුල ටෙස්ට් පිටියේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ ධනංජයගේ පන්දු යැවීම දිගු පන්දු යැවීමේ කෝටාවන් බවට පත්වූවා.එමෙන්ම සීමිත පන්දුවාර තරඟ තුලදී ඔහුට පන්දුවාර 4 ක හෝ 10 ක් යොමු කිරීමේ හැකියාව පවතින අතර ඔහු ඒ බව දිගින් දිගටම පෙන්නුම් කලේය.අත්දැකීම් සමඟින් ධනංජය විශේෂඥ දඟ පන්දු යවන්නෙකුගේ මට්ටමට ආසන්න මට්ටමකට පැමිණ තිබේ.ඉහල පාලනයක් හා හොඳ පතිතයක් සහිත වීම ඔහුගේ පන්දුයැවීම තවත් ඔපමට්ටම් කර තිබේ.ධනංජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ පන්දු යවන්නන් හය දෙනෙකු ගේ සේවය ලැබී තිබෙන අතර වේගපන්දු යවනන්නන් හට හිතකර තත්වයන් යටතේදී දසුන්ට වුවද පන්දු යැවීමේ අතිරේක වාසියක්ද කණ්ඩයමට තිබේ.දනුෂ්ක ගුණතිලක සහ චරිත් අසලංක ද සෙසු භාග පන්දු යවනන් ලෙස සංචිතයේ රැඳී සිටී.

ආසියානු කුසලානය සහ ලෝක කුසලානය සංසංදනය කල විට තරගාවලි දෙක පැවැත්වෙන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් තණතීරු හා තත්වයන් මතයි. නමුත් ලෝක කුසලානය තුල දිගු ගමනක් යෑමට නම් ආසියානු කුසලානය තුල පෙන්වූ ශක්තීන් ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන යා යුතුය.

සංචිතය තුල තිබෙන ප්‍රධානතම ගැටලුව් නම්, දනුෂ්ක යනු කුමන ස්ථානයේ ක්‍රීඩා කලත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වලට හැඩ ගැසීමට අසමත් වූ ක්‍රීඩකයෙක් වීමත් ඔහු සහ අසලංක අතර එක් පිතිකරණ ස්ථානයක් වෙනුවෙන් සටනක් තිබීමත් ය.අසලංක ලකුණු ඉඩෝරයක සිටීමත් දනුෂ්ක කාඩායමේ රැඳී සිටීමට එකම හේතුව අසාර්ථකත්වය පමණක් වීමත් අංක තුන සහ හතර ස්ථාන වලින් ආසියානු කුසලානය තුල සිතූ තරම් දායකත්වයක් නොලැබීමට හේතු විය.එයට පිළියම් සොයාගට හැකි වුවහිත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයේදී ප්‍රභල කණ්ඩායමක් වීමට හැකියාව ලැබෙනු ඇත.

ලෝක කුසලානයේදී අපේක්ෂා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

1.කුසල් මෙන්ඩිස්
2.පැතුම් නිස්සංක
3.ධනංජය ද සිල්වා
4.චරිත් අසලංක
5.භානුක රාජපක්ෂ
6.දසුන් ශානක
7.වනිඳු හසරංග
8.චාමික කරුණාරත්න
9.දුශ්මන්ත චමීර
10.මහීෂ් තීක්ෂණ
11.ඩිල්ශාන් මධුශංක

අවසන් තරඟාවලියෙන් ලද පන්නරය මතින් වේගවත් කොළ පැහැති ඔස්ට්‍රේලියානු තණතීරු වල පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද තම සුපුරුදු දස්කම් අතරට පිවිසුණහොත් පිතිකරුවන්ගේ ආකෘතියක් වන විස්සයි විස්ස තරඟ ‍රටාව තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලඟ නැවතුම 2022 ලෝක කුසලාන ශූරතාව දිනාගනීම වේවි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7