Cricket NewsEXCLUSIVE

“අසිත ප්‍රනාන්දුගේ පන්දු යැවීම ඉතාමත් හොදයි, ඔහුගේ පන්දුයැවීම අපිව අපහසු තාවයකට පත් කරා..” – තරඟයේ වීරයා Daryl Mitchell පවා ඇගයු අසිතගේ පන්දු යැවීම.!

ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වූ නවසීලන්තය සමග පැවැත්වෙන තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 2කක අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලක කණ්ඩායමට සිදු වුනා.

මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක ටෙස්ට් ශුරතා සිහිනයද බොඳ වුවා.

කෙසේ නමුත් මෙම තරඟය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු තරඟයේ අවසන් පන්දුව තෙක් ලබා දුන් සටන ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ගේ මෙන්ම ප්‍රතිවාදී නවසිලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවා ගෞරවයට පාත්‍ර වුනා. අසිත පිළිබඳව තරඟයේ වීරයා වූ Daryl Mitchell තරඟයෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ, “තරගය විශිෂ්ට ලෙස අවසන් උනා. ශ්‍රී ලංකා පන්දුයවන්නන් අපිට අභියෝගයක් උනා තරගය පුරාම. විශේශයෙන් අසිත ප්‍රනාන්දුගේ පන්දු යැවීම ඉතාමත් හොදයි.ඔහුගේ පන්දුයැවීම අපිව අපහසු තාවයකට පත් කරා..” යනුවෙනි.

අසිත මෙම තරඟය පුරාවට පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවන ඉනිමේ කඩුලු 3ක් සමග කඩුලු 7ක් බිඳ හෙලීමට සමත් වුනා.

නිසැක වශයෙන්ම ඉදිරි කාලය තුල ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රභලම වේග පන්දු යවන්නකු බවට අසිත ප්‍රනාන්දු පත් වනු ඇති බවට ඉඟි පහළ වී තිබේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
3
+1
2
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button