Cricket NewsEXCLUSIVETrending Article

තුන් ඉරියව්වෙන්ම අසාර්ථක නිරෝෂන් දික්වැල්ලගේ ක්‍රීඩා විලාසය ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතයට කෙසේ බලපාවී ද ? – තව තවත් දික්වැල්ලට අවස්ථාව දිය යුතුද ?

සාම්ප්‍රදායික ටෙස්ට් තරඟ රටාව තුල ශ්‍රී ලංකා කණ්ඩායටම අවස්ථා හිමි වන්නේ අතේ ඇඟිලි ගනන තරම් ය. තරඟ තුනකින් යුතු ටෙස්ට් තරඟාවලියක් අවසන් වරට ක්‍රීඩා කලේ මීට වසර කිහිපයකට පෙරාතුව ය. මේ වසරේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවකාශය සැලසෙන්නේ ටෙස්ට් තරඟ හයක් පමණක් වීම එතරම් සතුටුදායක නොවේ.

කෙසේ නමුත් වසර ගණනාවකට පසු විශිෂ්ඨ ගණයේ ටෙස්ට් තරඟ අත්දැකීමක් ලබාගන්නට ඉකුත් 9 වෙනිදා ඇරඹි ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේදී ක්‍රීඩා ලෝලීන් හට හැකි විය. වසර ගණනාවකට පසු නවසීලන්තය වැනි ආසියානු උපමහද්වීපයෙන් එපිට තරඟයක් තුල ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රශස්ත මට්ටමේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කලේය.

අත්දැකීම් අතින් සුලභ වූ පිතිකරුවන් කිහිපදෙනා තරඟයට විශාල දායකත්වයක් දැක්වූ අතර පළමු ඉනිමේදී කුසල් මෙන්ඩිස් තරඟයේ ලබාගත් සාර්ථක ආක්‍රමණශීලී ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්ම මුහුණුවරක් එක් කලේය. දෙවන ඉනිමේ ඇන්ජිගේ ශතකයත් ධනංජය හා චන්දිමාල්ගේ කෙටි වූ සාර්ථක ඉනිම් කිහිපය නවසීලන්තය තුල නවසීලන්ත වේගපන්දු යවන්නන් හට දෙවරක් සිතන්නට යමක් ඉතිරි කලේය.

කලකට පසු වෙනදා බැට කන වේගපන්දු යවන්නෝ සාර්ථක එල්ලයක් හා පතිතයක් මෙන්ම හොඳ පාලනයක් ද සහිතව නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කරද්දී ප්‍රභාත් ජයසූරිය ද සිය වගකීම මනාවට ඉටු කලේ අත්‍යාවශ්‍යම කඩුලු 3 කට හිමිකම් කියමිනි.

පසුපෙල පිතිකරුවන්ද අවසන් භාගයේදී ඉනිමට සාර්ථක දායකත්වයක් ලබාදෙද්දී කිරි කළයට ගොම බිංදුවක් දැමූ දික්වැල්ල පලමු ඉනිමේදී අපරික්ෂාකාරී පරහක් එල්ල කිරීමට ගොස් සිය කඩුල්ල අහිමි කරගත් අතර දෙවනි ඉනිමේදීද ඊට නොදැවෙනි ආකාරයෙන් දැවී ගියේය.

මීට මාස කිහිපයකට ඉහතදී දික්වැල්ල උදම් ඇණූයේ ශ්‍රී ලංකාවෙ සිටින හොඳම කඩුලු රකින්නා තමා බව මාධ්‍ය වෙත කියා පාමිනි. නමුත් ඊයේ දික්වැල්ලගේ දුර්වල ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය තුල වාර්ථාගත ජයග්‍රහණයක් මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරගයක්ද අහිමි කලේය.

දික්වැල්ලගේ කඩුලු රැකීම නිමාව දුටු ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරඟාවලියේදීද අසාර්ථක මට්ටමක තිබුණු අතර එහිදී දික්වැල්ලගේ අතපසු වීම් හමුවේ ස්ටම්ප් කිරීම් 6 කට නොඅඩු ගණනක් මගහැරී ගියේය. ඉන් අනතුරුවද නවසීලන්තය සංචාරය තුලදී ඊයේ දිනයේදී ලකුණු 33 ක් රැස් කරගෙන සිටි කේන් විලියම්සන් ලබා දුන් උඩපන්දුවක් නිරෝෂන් දික්වැල්ල අතැර දැමූ අතර අවසන් පන්දුවේදී කඩුල්ලට පන්දුව එල්ල කිරීමටද ඔහුට නොහැකි වීම තරඟයේ ජයග්‍රහණය නවසීලන්තයට සනාත කර දුන්නේය.

ලකුණු 33 ක් ලබා සිටියදී විලියම්සන්ගේ උඩපන්දුව අත්හැරීම තුල විලියම්සන් නතර වූයේ විශිෂ්ඨ ගණයේ ශතකයකට හිමිකම් කියමිනි. එමෙන්ම දික්වැල්ලගේ දුර්වල ක්‍රීඩා විලාශය පිතිකරණයටත් සමස්ත තරඟයටත් එල්ල කලේ සුළුපටු මාරාණ්තික පහරක් නොවේ.

එමෙන්ම මෙය දික්වැල්ල මෙසේ සිදු කල පළමු අවස්ථාව ද නොවේ. මේ පහතින් ඇත්තේ දික්වැල්ල සිදු කල ඒ හා සමාන බලපෑම්.

1. 2019දි SA එක්ක අන්තිම බෝලෙදි miss කරපු run out එක නිසා tie වෙලා super over ගිහින් පැරදුන T20I එක –

2. ගිය අවුරුද්දෙ ඕසිලා එක්ක ගහපු ටෙස්ට් series එකේ miss කරපු stumping chances 5. Miss ක‍ළේ 1ක් 2ක් නෙවෙයි 5ක් ඈ. (මේ නිසා ලංකාවට 2-0 දිනන්න තිබ්බ අවස්ථාව නැති වුණා සහ එහෙම වුණා නම් ඕසිලාගෙ points අඩුවෙන නිසා ඊට උඩින් ලංකාවට WTC final යන්නත් තිබ්බා.)

3. අවුරුදු බර ගාණකට පස්සෙ නවසීලන්තෙදි ටෙස්ට් ජයක් ලබන්න තිබ්බ අද මැච් එක (WTC final එකෙන් නිල වශයෙන් eliminate වුණ අවස්ථාව) 👇

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7