Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ, බංගලාදේශය පරදා තුන්කොන් ක්‍රිකට් ශූර­තාව දිනති.

අවු­රුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී සත්කා­රක බංග්ලා­දේ­ශය පර­දවා ශූර­තාව දිනා ගැනී­මට මනුදි නානා­ය­ක්කා­රගේ නාය­ක­ත්වයේ තරග කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

පාකි­ස්තාන කණ්ඩා­ය­මත් එක්වූ මේ තර­ගා­ව­ලියේ අව­සන් තර­ගය තෙක් අප­රා­ජි­ත­යන් ලෙස පැමිණි බංග්ලා­දේශ පිල මේ තර­ග­යේදී ලකුණු 36කින් පරා­ජය විය.

ඊයේ කොක්ස් බසා­ර්හිදී පැවති අව­සන් තර­ග­යේදී කාසියේ වාසිය දිනා­ගත් ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ පළ­මුව පන්දු­වට පහර දෙමින් ලකුණු 148ක් රැස් කළේ කඩුලු 3ක් පම­ණක් අහිමි කර ගනි­මිනි. පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලා­දේශ ක්‍රීඩි­කා­වන්ට ඕවර 20 අව­සා­නයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 112ක් පමණි.

රබෙයා ලකුණු 31ක් රැස් කර­මින් බංග්ලා­දේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභි­නිය වූ අතර, පන්දු යැවී­මේදී දෙව්මි විහංගා කඩුලු 3ක්, යසන්ති නිම­න්තිකා සහ රස්මි සංජනා කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් නෙත්මි පූර්ණා සහ දෙව්මි විහංගා පළමු කඩු­ල්ලට ලකුණු 104ක් එක් කළේ පන්දු 86කිනි. පන්දු 42කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 49ක් රැස් කර සිටි දෙව්මි දැවී යෑමෙන් එම සබ­ඳ­තාව බිඳ වැටුණු අතර, නොදැ­වුණු ඉනි­මක් ක්‍රීඩා කළ නෙත්මි ලකුණු 66ක් රැස් කළේ පන්දු 57කදී හතරේ පහර 8ක් සම­ඟිනි. විශ්මි ගුණ­රත්න ලකුණු 14ක්, මනුදි නානා­ය­ක්කාර ලකුණු 7ක් සහ රශ්මි නේත්‍රාං­ජලී නොදැවී ලකුණු 7ක් ඉනි­මට එක් කළහ.

තර­ගයේ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස දෙව්මි විහංගා සම්මාන දිනා ගත්තාය.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල – 148/3 (ඕවර 20) නෙත්මි පූර්ණා 66, දෙව්මි විහංගා 49, විශ්මි ගුණ­රත්න 14

බංග්ලා­දේශ 19න් පහළ කාන්තා පිල – 112/8 (ඕවර 20) රබෙයා 31 (දෙව්මි විහංගා 13/3, යසන්ති නිම­න්තිකා 16/2, රස්මි සංජනා 23/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7