Cricket News - ENGLISHEXCLUSIVELegends Story

විවිධ මාදිලියේ ප්‍රහාරක පිතිකරුවන් හමුවේ පවා වසර 16 ක් පුරාවට මුම්බායි වෙනුවෙන් නොබිඳුනු සනත්ගේ IPL වාර්ථාව !

ශූරතාවයට පස් වරක් උරුම කම් කියමින් තරඟවාර 16 ක් නිමා කල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් අදටත් නොබිඳුනු ප්‍රමුඛතම වාර්ථා කිහිපයක් ලියැවී තිබෙන්නේ ශ්‍රීලංක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ නම ඉදිරියේ ය.

විස්සයි විස්ස ලීග් තරඟ ලොව කල එලි බැසීම ඇරඹුණු සමය වන විට තම ක්‍රිකට් දිවියේ අවසන් වසර කිහිපය ගෙවාදමමින් සිටි එක්දින තරඟරටාව නවමානයක් කරා යොමු කල එක් පිතිකරුවෙකුගේ මුල්ම අයිපීඑල් නවාතැන වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

සනත් ජයසූරියගේ පිත්තෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් 2008 තරඟවාරයේ වාර්ථා වූ නොදැවුණු ශතකය පසු කරන්නට අදටත් එකදු හෝ මුම්බායි පිතිකරුවෙකුට නොහැකි වී තිබීමද විශේෂත්වයක්.

පන්දු 48 කදී ඔහු නොදැවී රැස් කල ලකුණු 114 පවතින්නේ අදටත් මුම්බායි පිතිකරුවෙකු රැස් කල ඉහළම පෞද්ගලික ඉනිම ලෙසටයි.ඔහුට පසුව ලෙන්ඩල් සිමන්ස්,සූර්‍යකුමාර් යාදව්,කැමරන් ග්‍රීන් වැනි නව යුගයේ විස්සයි විස්ස පිතිකරුවන් පවා මුම්බායි පිල වෙනුවෙන් ශතක රැස් කල නමුත් සනත් අභිබවා යන්නට වසර 16 ක් යන තුරුත් කිසිදු අයෙකුට නොහැකි විය.

අවසන් වසරක දෙකක කාලය තුල සුපිරි රිද්මයක සිටින සූර්‍යකුමාර් යාදව් මෙවර තරඟාවලියේදී හයේ පහර 28 ක් එල්ල කිරීමට සමත් විය.ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් මේ වසරේ එල්ල කල වැඩිම හයේ පහර ගණනේ හිමිකරුවා වෙමින්.කෙසේ නමුත් මේ දක්වා සනත් ජයසූරිය මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් 2008 වසරේදී හයේ පහර 31 ක් වාර්ථා කර තිබෙන අතර තවමත් එය පසු කරයන්නට එකදු හෝ මුම්බායි පිතිකරුවෙකු සමත්ව නොමැති අතර ඒ ලොව නම් දැරූ ප්‍රහාරාත්මක පිතිකරුවන් මුම්බායි කණ්ඩායම තුල සිටිද්දීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button