Cricket NewsEXCLUSIVEInternational

එංගලන්ත කණ්ඩායමේ නව එක්දින සහ විස්සයි-20 නායකයා බවට ප්‍රහාරාත්මක පිතිකරු Jos Buttler පත් කෙරේ.!

එංගලන්ත විස්සයි-20 සහ එක්දින කණ්ඩායම් හි නව නායකයා ලෙස ප්‍රහාරාත්මක පිතිකරු Jos Buttler පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ විස්සයි-20 අවසන් මහා තරඟයක අවසන් මහා තරඟය දක්වා සහ කුළුඳුල් එක්දින ලෝක කුසලානය දක්වා එංගලන්තය මෙහෙයවූ හිටපු නායක Eoin Morgan පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය හේතුවෙනි.

Eoin Morgan වසර 7.5ක පමණ කාලයක් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, එම කාලයේ දී කණ්ඩායමේ උප නායකයා ලෙස බොහෝ අවස්ථාවල දී කටයුතු කරනු ලැබුවේ Jos Buttler  වන අතර එංගලන්ත කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරණ ලයිස්තුවේ ඉදිරිපෙළ සාමාජිකයකු බවට පහු පත්ව වුයේය.

ඒ අනුව Jos Buttler  නිත්‍ය නායකයා ලෙස  එංගලන්තය මෙහෙයවන පළමු ජාත්‍යන්තර විස්සයි-20 තරගාවලිය ලබන 7 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිතය.

එමන්ම පසුගිය දා අවසන් වූ IPL 2022 තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට ද Jos Buttler සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button