Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීයානු කාන්තාවන්ට ඉතිහාසගත ජයක්

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කළ ඉන්දීය කාන්තාවෝ මුම්බායි නුවර වැන්කඬේ පිටියේදී අද (24 වැනිදා) නිමා වූ ටෙස්ට් තරගයෙන් ජයගත්හ. මෙම ජයග්‍රහණය ඉන්දීය කාන්තා කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරන ලද පළමු අවස්ථාව ලෙසින් සැලකෙයි.

තරගයේ සිව්වැනි සහ අවසන් දිනය අදයි.

අද පෙරවරුවේදීම ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගේ දෙවැනි ඉනිම ලකුණු 261 කට සීමා කරගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 75 ක ඉලක්කයක් කරා ගියහ.

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (23 වැනිදා) සවස සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල 5 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 46 කින් ඉදිරියෙන් සිටියේය. එහෙත් අද පෙරවරුවේදී පූජා වස්ත්‍රකාර්, ස්නේ රානා සහ රාජේෂ්වරී ගයික්වාඞ් එක්ව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 28 ක් ඇතුළතදී දවාගත්හ. පිට දඟ පන්දු යවන ක්‍රීඩිකා ස්නේ රානා ලකුණු 63 කට කඩුලු 4 ක් දවාගත්තේ ඕවර 22 ක් යවමිනි.

ඉන්දියාව වෙනුවෙන් ජයග්‍රාහී ලකුණ ලබාගත් ස්මිත්‍රි මන්ධනා හතරේ පහර 6 ක් ද සමගින් පන්දු 61 කින් නොදැවී ලකුණු 38 ක් ලබාගත්තාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button