Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියානුවන් වර්ශාවෙ පිහිට පතයි ?

වර්ෂාව හේතුවෙන් නැවැත්වීම් සහ ආරම්භ කිරීම් 8 කින් සමන්විත වූ දිනයකදී ඕස්ට්‍රේලියානුවෝ තමන්ගේ බලාපොරොත්තු සුරැකිව රැකගත්හ. බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දියානුවෝ සිය පළමු ඉනිමේදී ලකුණු 54 කට කඩුලු 4 ක් අහිමි කරගෙන තිබිණ

තරගයේ පළමු දිනයේදීත් වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර යැවිය හැකිවූයේ ඕවර 13 කි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 445 ක් ලබාගත් හෙයින් අද සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දියාවට වඩා ලකුණු 394 ක් ඉදිරියෙන් සිටියේය.

වර්ෂාව නිසා අද දිනයේදී යැවිය හැකිවූයේ ඕවර 33.1 ක් පමණි. කෙසේ වෙතත් තරගයේ ඉතිරි දින දෙකේදීත් වර්ෂාව ඇතිවන බව කාලගුණ විද්‍යාඥයෝ කියති. ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් (නොදැවී 33) සහ මෙම තරගයේදී අංක 6 ස්ථානයෙන් පිටියට පිවිසි නායක රෝහිත් ෂර්මා (නොදැවී 00) කඩුල්ලේ රැඳී සිටිති.

ඉන්දියානුවන්ගේ මූලික ඉලක්කය වන්නේ ලකුණු 246 ක් ලබාගනිමින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අසීරුතාවෙන් ගැලවීමයි. එසේ කළහොත් තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් ඉන්දියානුවන්ට තබාගත හැකිය.

ඉරිදා (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 කට ලකුණු 405 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානු පිලට අද පෙරවරුවේදී තවත් ලකුණු 40 ක් එකතු කෙරිණ. පැට් කමින්ස් දවාගැනීමත් සමගම ජස්ප්‍රීට් බුම්රා ඕස්ට්‍රේලියාවේදී දවාගත් 50 වැනි ටෙස්ට් කඩුල්ල සම්පූර්ණ කළේය.

මිචෙල් ස්ටාක්, ජොස් හේසල්වුඩ් සහ පැට් කමින්ස් යන ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන්නන් තිදෙනාම අඩි 6 අඟල් 5 ට වැඩි උස ක්‍රීඩකයෝ වෙති. ගැබා තණතීරුවේදී තමන්ගේ උස මැනවින් ප්‍රයෝජනයට ගත් මේ පන්දු යවන්නෝ තිදෙනා ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිසෙන සෑම අවස්ථාවකදීම පාහේ ඔවුන්ට මහත් හිසරදයක් වූහ. පන්දුවේ දෝලනය උපරිමයෙන් උකහාගත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ වරින් වර ඉතාමත් භයානක ලෙසින් පන්දුව ඉහළ නැංවූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button