Cricket NewsEXCLUSIVE

ඊයේ තරගය අතරතුර සිදු වූ අබාදයක් හේතුවෙන් Mitchell Starc අද පැවැත්වෙන දෙවන විස්සයි-20 තරඟයෙන් ඉවතට.!

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අරඹමින් ඊයේ ආරම්භ වූ විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ටේලියානු කණ්ඩායම සමත් වුනා.

මේ අතර ඊයේ තරගය අතරතුර මාපට ඇගිල්ලේ අබාධයකට ලක්වූ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රිඩක මිචෙල් ස්ටාර් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි අද (08) පැවැත්වෙන දෙවන විස්සයි-20 තරගයෙන් ඉවත් වී තිබෙනවා.

ඊයේ තරඟයේ සිය පළමු පන්දුවාරය යැවූ මිචෙල් ස්ටාක් ඉන් පසු මෙම මාපට ඇඟිල්ලේ ආබාධය හේතුවෙන් ක්‍රිඩාගාරයට ගිය නමුත් සුළු මොහොතකින් නැවතත් පිටියට පිවිස ඔහුගේ පන්දුවාර 4ම ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රී ලංකා කඩුලු 3ක් බිඳ හෙළමින්.

අද තරඟය මිචෙල් ස්ටාර්ක්ට අහිමිවීමත් සමග ඔහු වෙනුවට අද තරගයට දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් හෝ වේග පන්දුයවන ක්‍රීඩක ජේ රීචර්ඩ්සන් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව වැඩි විස්තර ඕස්ට්‍රේලියානු cricket.com.au වෙබ් අඩවියේ සඳහන් කර ඇති අතර මිචෙල් ස්ටාක් එක්දින තරඟාවලියේ සිට නැවත කණ්ඩායමට පැමිණෙනු ඇති බවද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button