Cricket NewsEXCLUSIVEInternational

ඉක්මනින්ම ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සැරසෙන ඇමරිකාව, තවත් තීරණාත්මක කඩ ඉමක් පසු කරමින් ඉදිරියට.!

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඇමරිකානු සංචාරය ආරම්භ කරමින් පසුගියදා පැවති පලමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 26ක තීරණාත්මක මෙන්ම ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වුණා.

මෙම ජයග්‍රහණය ඉතිහාස ගත වූයේ ටෙස්ට් වරම් හිමි රටකට එරෙහිව ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමක් වාර්තා කරන ලද ප්‍රථම විස්සයි විස්ස ජයග්‍රහණය ලෙසටයි.

අයර්ලන්ත කණ්ඩායමේ මෙම අමෙරිකා තරග සංචාරයට විස්සයි විස්ස තරග 2ක් හා එක්දින තරග 3ක් ඇතුළත් අතර, අමෙරිකාව ටෙස්ට් වරම් හිමි රටක් සමග සිය රටේ දී ද්විපාර්ශ්වික තරගාවලියකට එක් වන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

ෆ්ලොරිඩාහි Central Broward Regional Park හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් අමෙරිකාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් වුනා.

Sushant Modani ලකුණු 50ක් හා Gajanand Singh ලකුණු 65ක් රැස් කරමින් ඇමරිකානු ඉනිම සවිමත් කරනු ලැබුවා.

පන්දු යැවීමේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Barry McCarthy ලකුණු 30කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 189ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 162ක් පමණි. ඒ අනුව ඇමරිකානු කණ්ඩායමට ලකුණු 26ක ජයක් හිමි වුනා.

අයර්ලන්තය වෙනුවෙන් Lorcan Tucker ලකුණු 57ක් නොදැවී ලබා ගත් අතර පන්දු යැවීමේදී Saurabh Netravalkar, Nisarg Ketankumar Patel සහ Ali Khan කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව දිනෙන් දින සවිමත් වන ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම නුදුරු අනාගතයේ දීම ක්‍රිකට් ලෝකයේ ප්‍රබල රටවල් රැසකට ම දැවැන්ත අභියෝගයක් වනු ඇති බවට මේ වන විටත් ක්‍රිකට් විචාරකයින් අදහස් පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7