Cricket NewsEXCLUSIVE

ICCය නම් කරන “වසරේ විශිෂ්ටතම විස්සයි-20 ක්‍රීඩකයා” සම්මානය සඳහා වනිදු හසරංග නිර්දේශ වෙයි.!

සෑම වසරකම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන “වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය සඳහා, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද ක්‍රීඩකයන් හතර දෙනා අතරට ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ද ඇතුළත්ව තිබෙනවා.

වනිදු හසරංග මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයේද පසුවනවා.

මෙම සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් නිර්දේශිත ක්‍රීඩකයින් සිව් දෙනා වන්නේ,

පකිස්තාන පිතිකරු මොහොමඩ් රිස්වාන්,
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග,
ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිඩක මිචෙල් මාෂ්,
එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්

යන ක්‍රීකකයින් සිව් දෙනාය.

මෙම වසරේ මොහොමඩ් රිස්වාන් තරඟ 29කට ක්‍රිඩා කරමින් ලකුණු 1326ක් රැස් කරගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය ලකුණු 73.66කි ලෙස සටහන් වනවා.

මෙම වසරේ වනිඳු හසරංග තරඟ 20කට ක්‍රිඩා කරමින් කඩුලු 36ක් බිඳ හෙළා ඇති අතර වනිදුගේ සාමාන්‍ය දැක්වෙන්නේ 11.63ක් ලෙසයි.

එමෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වා ඇති වනිදු ලකුණු 196ක් රැස් කර ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම වසරේ මචෙල් මාෂ් තරඟ 27ක් ක්‍රිඩා කරමින් ලකුණු 627ක් රැස්කරගෙන තිබෙන අතර පන්දු යැවීමේදි කඩුලු 8ක් දවා ගෙන තිබෙනවා.

මෙම වසරේ ජොස් බට්ලර් තරඟ 14කට ක්‍රිඩා කරමින් ලකුණු 589කි රැස් ක⁣රගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය දැක්වෙන්නේ 65.44ක් ලෙසයි.

ඒ පිළිබඳව ICC තැබූ සටහන,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button