Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වංශකතාවේ බිහි වූ පතාක යෝධයකු ලෙසින් සැලකෙන “ශේන් වෝන්” දිවි ගමනට සමු දෙයි.!

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වංශකතාවේ බිහිවූ පතාක යෝධයකු ලෙසින් සැලකෙන ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ශේන් වෝන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු සැලකෙන්නේ ක්‍රිකට්ලෝකයේ බිහිවූ විශිෂ්ටතම පා දග පන්දු යවන්නා ලෙසයි.

ඒ වෙනුවෙන් ක්‍රිකට් රසිකයකු තැබූ විශේෂ සටහනක් පහතින්,

කාලයක් පේන්නම බැරි එකෙක්. අපිත් එක්ක වලි. දඩබ්බර චරිතයක් නේ. 96 දි වෝන්ට අපේ අය ගහනවා බලලා සෑහෙන්න සතුටු උනා පස්සේ කාලේ. වෝන්-මුරලි rivalry එක නිසා ආසම නැතිවෙලා හිටියේ.

වෝන් තමන්ගේ 500 වෙනි විකට් එක ගත්තේ ගාල්ලෙදි. මුරලිට කලින් 500 ගත්තා. ඉතින් ඒකටත් අවුල්

2004 දිම සුනාමිය ආවා. ගාල්ල ක්‍රීඩාංගණය විනාශ උනා. ඒ වෙලේ ශේන් වෝන් කියන දඩබ්බරයගේ ඇඟේ හිටපු හිත හොඳ මනුස්සයා එලියට ආවා. ලංකාවට ක්‍රිකට්වලට ආධාර කරා, ආධාර එකතු කරන්න සෑහෙන්න උදව් කලා. එදා ඉඳන් වෝන් ගැන මට තිබුන ආකල්ප ගොඩක් වෙනස් උනා.

ශේන් වෝන් කියන්නේ මම නම් දකින විට ලොව බිහිවූ smartම දඟ පන්දු යවන්නා. වෝන් තමා මුලින්ම IPL throphy එකක් උස්සපු කැප්ටන්

ශේන් වෝන් ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. වෝන් මෙලොවින් සමුගෙන කියන නිව්ස් එක ගොඩක් shocking ක්‍රිකට් ෆෑන් කෙනෙක් විදියට. වෝන් කියන විස්තර විචාරකයා නැති වෙනවා අපිට.

ස්තූතියි වෝන්.. ක්‍රිකට් ලස්සන කලාට. අපිට උදව් කලාට

-Vinod Bhanuka තැබූ සටහනක් ඇසුරිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7