Cricket NewsEXCLUSIVE

ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 222ක දැවැන්ත පරාජයක්.!

ඉන්දියාව සමඟ පැවති ළමු ටෙස්ට් තරගය අද දින නිමාවට පත්වූයේ ඉතිහාසගත දැවැන්ත තරඟ පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කර දෙමිනි ඉනිමකින් සහ ලකුණු 222 ක දැවැන්ත ජයග්‍රහණයක් ඒ අනුව ඉන්දීය කණ්ඩායමට හිමි වුණා.

තරඟය පිළිබඳ සවිස්තරාත්මක සටහනක්,

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 574 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී සුපිරි පිතිහරඹයක් දියත්කළ Ravindra Jadeja ලකුණු 175ක් රැස්කිරීමට සමත්වුණා. Rishad Pant ලකුණු 96 ක් රැස් කළා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් විසින් කඩුලු 2ක් බිඳ හෙලු අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 575 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණින් සිය ප්‍රථම ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම ඉනිමේ රැස්කර ගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 174ක් පමණයි.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 61ක් ලබා ගත් අතර චරිත් අසලංක ලකුණු 29ක් රැස්කළා.

විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ Ravindra Jadeja කඩුලු 5ක් සහ Jasprit Bumrah කඩුලු 2ක් බිද හෙලුවා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී නැවතත් පිටියට පිවිසියේ දැවැන්ත පරාජයක සේයාරූ පෙනෙන මානයේ තබා ගනිමිනුයි.

ශ්‍රී ලංකා දෙවන ඉනිමත් ලකුණු 178 සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වු අතර එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Ravindra Jadeja කඩුලු 4ක් දවා ගත් අතර ඊට අනගි සහයක් ලබා දුන් රවිචන්ද්‍රන් අශ්වින් කඩුළු හතරක් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා වැඩිම ලකුණු ලාභියා නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 30ක් රැස් කලා.

තරගය දින තුනකින් නිමාවට පත්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසගත පරාජයක් ඒ අනුව උරුම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button