Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර්ට ජීවිතාන්තය දක්වා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම තහනම් කෙරේ.!

නොමනා හැසිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාවට අපහාසාත්මක ලෙසින් හැසිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර්ට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම ජීවිතාන්තය දක්වා තහනම් කර තිබේ.

පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික පාලන ආයතනය වන පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තමන්ගේ ගිවිසුම නොසලකා හරින බවට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා චෝදනා කළේය.

ක්‍රිකට් බලධාරීන් තමාට පොරොන්දු වූ මුදල නොගෙවූ බවට චෝදනා කරමින් මෙවර පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීගයෙන් තමා ඉවත් වන බව ප්‍රකාශ කරමින් ෆෝක්නර් විසින් පළකල ට්විටර් සටහන් මාලාවකින් මෙම ගැටුම ආරම්භ වූයේය.

“මම මුළු කාලයම මෙහි සිටියා. ඒත් ඔවුන් (පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය) මට දිගින් දිගටම බොරු කිව්වා,” ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ෆෝක්නර් පැවසීය.

“පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් නැවත ලබා ගැනීමට උදව් කිරීමට මට අවශ්‍ය වූ බැවින් ඉවත්ව යාම කණගාටුවක්. බොහෝ දක්ෂතා අතර සිටින තරුණයන් සහ රසික රසිකාවියන් විශ්මය ජනකයි,” ඔහු තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ෆෝක්නර්ගේ චෝදනා ”පදනම් විරහිත” ලෙස ප්‍රතික්ෂේප කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සහ ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පියවර ගත්තේය.

ගිවිසුම්ගත මුදලින් 70%ක් ජේම්ස් ෆෝක්නර්ගේ ගිණුමට මාරු කර ඇති බවත්, ඉතිරි 30% ගෙවීමට නියමිතව ඇත්තේ තරගාවලිය අවසන් වී දින 40කට පසුව බවත් ඔව්හු පැවසූහ.

“මුලින් ඔහු ලබාදුන් ගිණුමට මුදල් බැර කළා. නමුත් ෆෝක්නර් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ එම මුදලම දෙවන වරටත් ඔහු ලබාදුන් ඕස්ට්‍රේලියාවේ ගිණුමට බැර කරන්න කියලා. මෙයින් අදහස් වෙන්නේ ෆෝක්නර්ට දෙවරක් ගෙවන්න කියලා””

සංවාදය අතරතුර ඔහුගේ නින්දා සහගත සහ අපහාසාත්මක හැසිරීම නොතකා, ඔහුගේ සියලු දුක්ගැනවිලි විසඳන බවට ෆෝක්නර්ට සහතික වුනා. තම කණ්ඩායමට තීරණාත්මක තරඟයකදී කණ්ඩායමෙන් ඉවත්වීමට ගත් තීරණය නැවත සලකා බැලීම ප්‍රතික්ෂේප කර ඔහුගේ ගමන් විධිවිධාන වහා සකසන්න කිව්වා,

” ෆෝක්නර් සමග පැවැති හමුවෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම කාලය තුළ, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ නියෝජිතයා සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වූ අතර, ඔහු පසුතැවිලි වී ඊට සමාව අයැද සිටියේය.

ෆෝක්නර් ඔහු නැවතී සිටි හෝටලයේ දේපළවලට හිතාමතාම හානි කර ඇති අතර ගුවන් තොටුපළේදී නුසුදුසු හා අපවාදාත්මක හැසිරීම්වල නිරතව ඇත.

පසුගිය සැප්තැම්බරයේදීද, ගිවිසුම් ආරවුලක් මත ඔහුගේ හිටපු කණ්ඩායම වන හොබාර්ට් හරිකේන්ස් වෙතින් ද ඉවත්ව ගියේය.

2012 වසරේ ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර පිටියට පිවිසි ෆෝක්නර් අවසන් වරට ඕස්ට්‍රේලියාව නියෝජනය කර ඇත්තේ 2017 වසරේදීය.

2015 දී ආරම්භ වූ පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියෙන් මෙලෙස ඉවත් කල පළමු ක්‍රීඩකය ඔහුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7