Cricket NewsEXCLUSIVETrending Article

අසාර්ථක සුරතලුන් සුරතල් කිරීම එකම විකල්පය කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව.!

ක්‍රීඩකයකු හට පක්ෂග්‍රාහී නොවී ක්‍රීඩකබද්ධ තරහක් පිරිමසා ගැනීම හෝ භානුක රාජපක්ෂ නම් තැනැත්තා හට කඩේයෑමේ අරමුණින් මෙම ලිපිය ලිවීමට අදිටන් කර නොගත් බව සඳහන් කරමි.මෙම ලිපිය ලිවීමට එකම හේතුව භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් වීම පමණක් නොවන බව සඳහන් කරන්නට කැමැත්තෙමි.

උක්ත සඳහන් ලිපියේ ශීර්ෂයෙහි මා හුරතලුන් ලෙස විග්‍රහ කරන්නේ කලක පටන් සංචිතය තුල සිටින තරඟ ජයග්‍රහණය කරවීමට හැකියාවක් නොලද,පෞද්ගලික පිතිකරණ දත්ත හෝ සාධනීය මට්ටමටක ඔසවා ගනු නොහැකිවූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබඳවය.

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය තුල ආරම්භක පිතිකරුවන් සිව් දෙනෙකු සිටින අතර තරඟාවලියක් අතිශය අසාර්ථක වීමෙන් අනතුරුව ධනුශ්ක ගුණතිලක හට අවස්ථාවක් වෙන් කිරීම කෙතරම් හාස්‍ය ජනකද යන්න හය හතර නොදත් දරුවෙකුට වුව වැටහෙනු ඇත.

කුසල් නිස්සංක ආරම්භක සම්බන්ධතාවයෙන් කුසල්ගේ කැරැට්ටුව ගත් කල ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහු රැස් කල අර්ධ ශතක 6 න් අර්ධ ශතක 4 ක්ම ජයග්‍රාගී අර්ධ ශතකය.

නිස්සංකද ඔස්ට්‍රේලියානු තරණතීරු වලට සාපේක්ෂව ආසියාකරයේ හොඳින් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කල හැකි අතර ඒ ඔහු ලෝක කුසලාන තරඟාවලියේදී දැක්වූ දස්කම් මත පිහිටා නිර්ණය කල හැක.

කුසල් ආරම්භක පිතිකරුවෙකු ලෙස ගත් කල ශ්‍රී ලංකාව විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ තුල නියෝජනය කරන ලද සාර්ථකම ආරම්භක පිතිකරුවාය.ඉනිම් 14 කදී අර්ධ ශතක 6 ක් සමඟින් ලකුණු 447 ක් ඔහු රැස් කර තිබේ.එහිදී සාමාන්‍ය 34.38 ක් හා ප්‍රහාරක වේගය 140 කි.

2011 වසරේ සිට ජාතික කණ්ඩායමේ පැල් බැඳගෙන සිටින දිනේශ් චන්දිමාල්ගේ පිතිකරණ ස්ථානය බොහෝ විට නොම්බර 5 වීමට පුළුවනි.නමුත් දිනේශ් චන්දිමාල්ගේ ප්‍රහාරක වේගය ප්‍රමාණවත් වන්නේ යල්පැනගිය විස්සයි විස්ස තරඟ රටාවට නොඑසේ නම් විස්සයි විස්ස තරඟ රටාවේ ආරම්භය වූ කාලසීමාවටය.

සහන් ආරච්චිගේ වැනි යොවුන් ක්‍රීඩකයෙක් , ඕනෑම තත්වයක් යටතේ ක්‍රීඩා කල හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු හට ඇති අවස්ථාව වසා අගුළු දමන්නේ එක් ජයග්‍රාහී අර්ධ ශතකයක් පමණක් රැස් කර ඇති ක්‍රීඩකයෙකු නිසාය.

භානුක වැනි ක්‍රීඩකයෙකු සංචිතය තුල සිටීම වඩාත් සුභදායී වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවන ලද නිර්ණායක මත පදනම් වීම මත ඔහුට එම පරීක්ෂණය සමත් වීමට නොහැකි වීම ද තේරීම් කමිටුව මත පමණක් වරද පැටවිය නොහැකි කරුණකි.

විශාලතම ප්‍රශ්නය නම් ජයග්‍රහණය සඳහා බලපෑමක් ලබා දීමට අසමත් ක්‍රීඩකයින් හට වෙනස් හැන්දකින් බෙදීමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button