Cricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVE

මම දලු කඩලා ගෙදර එද්දී නුවන් පුතා කියනවා, අපේ ගෙදර උඩ තට්ටුක් හදලා අම්මටයි තාත්තටයි ලස්සනට ඉන්න දෙනවා කියලා – නුවන් තුශාරගේ මව කියන කතාව

” මම දලු කඩලා ගෙදර එද්දී නුවන් පුතා කියනවා, අම්මේ මේ අපේ ගෙදර උඩ තට්ටුක් හදලා අම්මටයි තාත්තටයි ලස්සනට ඉන්න දෙනවා කියලා…
එතකොට එයාගේ වයස හත අටක් ඇති.එහෙම කියපු පුතා තමයි අපිව දැන් හොඳින් බලා ගන්නේ.
එයාට ලැබෙන මුදල් මට ගෙනත් දුන්නා.ක්‍රිකට් ගහලා මට මුලින්ම 20,000ක් ගෙනත් දුන්නා.එයා තරගවලට යද්දී කියලා යන්නේ අම්මේ මැච් එකකට යනවා බලන්න කියලා.
අපි දිනෙයි වෙලාවයි අහගෙන අනිවාර්යයෙන්ම මැච් බලනවා.දැන් මගෙයි නුවන්ගේ තාත්තාගෙයි එකම වැඩේ ගෙදර වැඩ ඉවර කරලා ක්‍රිකට් මැච් බලන එක තමයි.
පුළුවන් විදිහට අපිව මැච් බලන්න එක්කගෙන ගියා.
එයා මුලින්ම කාර් එකක් ගත්තේ අවුරුද්දකට කලින්.ඒක අරන් අපිව පන්සල් එක්කගෙන ගියා.
කොළඹ එක්කගෙන ගියා. දැන් ඉන්නේ කුලී ගෙදරක.. ඉක්මනින් ගෙයක් අරගෙන අපිව එක්කගෙන යනවා කිව්වා. ..”

– නුවන් තුෂාරගේ මව –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
15
+1
3
+1
12
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7