Cricket NewsEXCLUSIVE

කුසල්,සදීර ප්‍රමුඛ ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන්ගේ වාර්ථාගත පිතිකරණයත් වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 175 ක දැවැන්ත ජයක්!

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටය අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ජයග්‍රහණය වාර්ථා කරන්නට අද සමත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ලකුණු 175 කින් පරාජය කරමින්.

සිම්බාබ්වේ දේශයේ බුලවායෝ හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් UAE නායක මුහම්මද් වසීම් මුලින්ම පන්දු රැකීමට තීරණය කලේය.

ඒ අනුව මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් රැස් කල අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පිතිකරුවන් 4 දෙනාම අර්ධ ශතක රැස් කිරීම විශේෂත්වයක් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක් සදීර සමරවික්‍රම ලකුණු 73 ක් පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් රැස් කල අතර ඉනිමට වේගවත් අවසානයක් එක් කල චරිත් අසලංක නොදැවී ලකුණු 48 ක් හා වනිඳු හසරංග ලකුණු 23 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී UAE පිල වෙනුවෙන් අලි නසීර් කඩුලු දෙකක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 356 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි UAE කණ්ඩායමට පන්දුවාර 39 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 180 ක් පමණයි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක වසීම් ලකුණු 39 ක් හා ව්‍රීට්‍යා අරවින්ද් ලකුණු 39 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 24 ට කඩුලු 6 ක් බිඳ හෙලද්දී එය වාර්ථා අතරට එක්වූයේ වනිඳුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙසටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ලකුණු 175 කින් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත්ව තිබේ.

තරඟයේ වීරයා ලෙසින් තුන්ඉරියව් දස්කම් දැක්වූ වනිඳු හසරංග සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button