Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා සුපිරි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට පැය 2 ක දණහිසේ ශල්‍යකර්මයක් සිදු කරයි.

May be an image of one or more people, people standing and indoor

ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ට පැය 2 ක දකුණු පාදයේ දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.අවිශ්කට ඊයේ මෙම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී රෝහලකදි.

ඔහු මේ පිළිබදව ඔහුගෙ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

ප්‍රකට ඕස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍යවරයෙකු වන ඩේවිඩ් යන්ග් සිදු කළ මෙම ශල්‍යකර්මය සාර්ථක බවයි වාර්තා වන්නේ.ලසිත් මාලිංග ගේ දණහිසේ ශල්‍යකර්මය ද සිදුකර ඇත්තෙ ඩේවිඩ් යන්ග් ශල්‍ය වෛද්‍යවරයා විසිනි.

May be an image of 2 people and indoor

මේ වනවිට අවිශ්ක ප්‍රනාන්දු සුවය ලබමින් සිටිනවා. ශල්‍යකර්මයෙන් සුවය ලැබු පසු සති 3 ක කාලයක් අවිශ්ක ප්‍රනාන්දු ට දකුණු පාදයේ පුනරුත්ථාපනය සිදු කිරීමට සිදුවන බවයි වාර්තා වන්නෙ. එම කටයුතු ද ඕස්ට්‍රේලියාවේදි සිදු කිරිමට නියමිත බවයි වාර්තා වන්නෙ.

අවිශ්ක ප්‍රනාන්දු දණහිසේ ආබාධයට ලක්වුනේ පසුගියදා නිමාවට පත්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුරයි.

Player of the Day, Sri Lanka vs West Indies: Avishka Fernando | Cricket News - Times of India

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7