Cricket NewsEXCLUSIVE

කොදෙව් පන්දු යවන්නන් හමුවේ ලකුණු 150 ක් හඹා යන්නට නොහැකි වූ ඉන්දියාවට අනපේක්ෂිත පරාජයක් !

තරඟ පහකින් යුත් ඉන්දියා කොදෙව් විස්සයි 20 තරගාවලිය ඊයෙ trinidad හිදී ආරම්භ විය.තරගයේ කාසිය වාසිය දිනාගත් කොදෙව් නායක Rowman Powell තීරණය කළේ මුලින්ම පන්දුවට පහර දෙන්නටයි.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 149 ක්. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක Powell ලකුණු 48ක් හා Nicholas pooran ලකුණු 41 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් Arshdeep Singh හා Yuzvebdra Chahal අතර කඩුළු 2 බැගින් බෙදී ගියහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ය ඉලක්කයක් හඹා ගිය සංචාරක ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 145 ක් පමණයි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 38 ක් රැස් කරන්නට තම මංගල තරගය ක්‍රීඩා කළ තිලක් වර්මා සමත් විය.

සෙසු එකදු ඉන්දීය පිතිකරුවෙකුට හෝ ලකුණු 25 සීමාව පසුකර යන්නට නොහැකි විය.පන්දු යැවීමේදී සත්කාරක කොදෙව් පිල වෙනුවෙන් Obed McCoy, Jason Holder හා Romario shepherd අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරඟය ලකුණු හතරකින් ජයගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වෙද්දී තරගයේ වීරයා ලෙසින් Jason Holder සම්මාන දිනාගත්තේය තරගාවලිය තරඟ 1-0 ලෙසින් පෙරමුණෙහි පසුවන්නේ සත්කාරක කොදෙව් කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button