Cricket NewsEXCLUSIVEInternational

චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස නැවත පැමිණ පැවැත්වූ පළමු තරඟාවලියේන්ම ලෝක ශුර එංගලන්තය පරාජය කරමින් බංගලාදේශය 2-0ක් ලෙස විස්සයි-20 තරඟාවලිය ජය ගනී.!

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය (12) ඊයේ සමත් විය. මෙම ජයත් සමග තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද බංග්ලාදේශයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයන් පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරාගත්තා. පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිරත වූ නජ්මුල් හොසේන්, පන්දු 47 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට මෙහෙදි හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. එහිදී සිය පන්දුවාර 4 ලකුණු 12 කට සීමා කළ හසන් කඩුලු 4 ක් බිඳහෙළුවේය.

එංගලන්තය – 117/10
(පිලිප් සෝල්ට් 25, බෙන් ඩකට් 28, මෙහෙදි හසන් 12/4)

බංග්ලාදේශය – 120/6 (18.5)
(නජ්මුල් හොසේන් නොදැවී 46, තව්හිද් රිදෝයි 17, මෙහෙදි හසන් 20, ජොෆ්රා ආචර් 13/3)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
1
+1
11
+1
1
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7