Cricket NewsEXCLUSIVEInternational

කොදෙව් පන්දු බලඇණිය ඉදිරියේ බංගලාදේශය අවමන් සහගත ලෙස ලකුණු 103කට දැවී යයි – ක්‍රීඩකයන් 6දෙනෙකුම 0ට දැවී යයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනියුක්තව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශ පිතිකරණ බලඇණිය ඉතා දියාරු ස්වරූපයක් ගත් අතර ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 103 ට සීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු බලඇණිය සමත් වුණා.

බංග්ලාදේශය ඉනිමේ ක්‍රීඩකයින් හයදෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර (0) දැවී යෑම විශේෂත්වයක්.

බංගලදේශය පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Shakib Al Hasan ලකුණු 51 ක් රැස් කළ අතර තමීම් ඉක්බාල් ලකුණ 29ක් සහ Liton Das ලකුණු 12 ක් රැස්කිරීමට සමත්වුණා.

අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 5හේ සීමාව හෝ ඉක්මවා යාමට බටහිර ඉන්දීය කොදෙව් පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Jayden Seales සහ Alzarri Joseph කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වූ අතර Kyle Mayers සහ Kemar Roach කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා.

ඒ අනුව මේ වන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබෙන අතර සජීවී ලකුණු පුවරුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7