Cricket NewsEXCLUSIVEIPLMatch Review

Sunrisers Hyderabad පරාජය කරමින් මෙවර IPL තරඟාවලියට අලුතින්ම එක් වූ Lucknow Super Giants පෙරළිකාර ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 12වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 12ක ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් වුණා.

Lucknow Super Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ KL Rahul පන්දු 50කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා.

Deepak Hooda ලකුණු 51ක් රැස් කළ අතර Ayush Badoni ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී T. Natarajan, Washington Sundar සහ Romario Shepherd කඩුලු 2ක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 170ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 157ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rahul Tripathi පන්දු 30ක් තුල ලකුණු 44ක් රැස් කල අතර Nicholas Pooran ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Avesh Khan කඩුලු 4ක් බිඳ හෙලු අතර Jason Holder කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟයේ වීරයා සමම්නය හිමි වුයේ Avesh Khan හටයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7