Cricket NewsEXCLUSIVE

එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය අවසාන මොහොතේ “සිරස TV” විසින් හිමි කර ගනී.!

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයක්. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට ක්‍රීඩාකරමින් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සිදුවී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත් ව ගොස් තිබෙන අතර ඕස්ට්‍රේලියාවේදී පුහුණුවීම්ද ආරම්භ කර තිබෙනවා.

ආසියානු ශූරයින් ලෙස ජයග්‍රාහි මානසිකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට ප්‍රවිෂ්ට වනවා.

මේ අතර ඊයේ දිනය වනතෙක්ම ශ්‍රී ලංකාව තුල එළඹෙන ලෝක කුසලාන තරඟාවලියේ දේශීය විකාශන අයිතිය කිසිදු නාලිකාවක් විසින් ලබාගෙන තිබුණේ නැහැ.

ICC ය විසින් ප්‍රකාශයට පත් කළ දේශිය විකාශන අයිතින් හිමි රෑපවාහිනි නාලිකා අතරද ශ්‍රී ලංකාව සඳහන් වුයේ නැහැ.

කෙසේ නමුත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව මීට සුළු මොහොතකට පෙර අපට වාර්තා වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දේශීය විකාශන අයිතිය සිරස TV මාධ්‍ය ආයතනය විසින් ලබා ගෙන ඇති බවයි.

ඒ අනුව මෙරට ක්‍රිකට් ප්‍රෙක්ශකයන්ට නැරඹීම අහිමි වීමේ අවදානමක් මතුව තිබු ලෝක කුසලාන තරගාවලියේ සියලුම තරග සිරස ,TV මාධ්‍ය නාලිකාවක් ඔස්සේ නැරඹීමේ අවස්ථාව මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button