BPLCricket NewsEXCLUSIVE

ශ්‍රී ලාංකීය ක්‍රිකට් තරු වෙත බංගලදේශ් ප්‍රිමියර් ලීගයේ ඉහළ ඉල්ලුමක් – ඉහළම ලංසු අතරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බෙදී යයි.!

එළඹෙන 2022 වසරේ ජනවාරි 21 වන දා පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් වෙන්දේසි ක්‍රිරීමේ කටයුතු අද(27) සිදු කෙරුණි.

පසුගිය වරට සාපේක්ෂව එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හටම ඉහලම වටිනාකම් ලබාදෙමින් පෙරලිකාර කණ්ඩායම් කිහිපයක් විසින් තෝරා ගැනීම මෙවර ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කැපී පෙනුණි.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන පාදඟ පන්දු යවන්නෙකු මෙන්ම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින්ද ප්‍රකට වනිඳු හසරංග මෙවර BPL තරඟාවලිය සඳහා Dhaka Stars පිල සමඟින් ගිවිසුම් ගත විවූ බව සඳහන් වුවද වනිදුගේ කළමනාකරු සඳහන් කර සිටියේ එලෙස කිසිදු ගිවිසුම්ගත වීමක් සිදු නොවුන බව වීම විශේෂත්වයක්.

Dhaka Stars කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියට පෙරදීම ගිවිසුම් ගත කරගත් ක්‍රීඩකයන් සිව් දෙනා අතරට එක්වන්නට ඉසුරු උදාන හට හැකියාව ලැබුණි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙරදීම ධනුෂ්ක ගුණතිලක සමග Fortune barishal කණ්ඩායම ගිවිසුම් ගතව තිබුණි.

ඔහුට අමතරව ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුවන තිසර පෙරේරා හා භානුක රාජපක්ෂ Khulna Tigers පිළ විසින් ක්‍රීඩක වෙන්දේසියට පෙරදීම ඔවුන් සමඟින් ගිවිසුම් ගතව තිබුණි.

ඔවුන්ට අමතරව දිනේෂ් චන්දිමාල් Sylhet Sunrisers සමග ද, ඉසුරු උදාන Dhaka Stars සමග ද ක්‍රීඩක වෙන්දේසියට පෙර ගිවිසුම් ගතවිය.

ඔවුන්ට අමතරව මෙවර තරඟවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේදී සීක්කුගේ ප්‍රසන්න,ඇන්ජලෝ පෙරේරාව පිළිවෙලින් Khulna Tigers හා Sylhet Sunrisers විසින් මිලදී ගනු ලැබීය.

ඊට අමතරව ජාත්‍යන්තර තරඟ තහනමකට ලක්ව සිටින අතර තුල මෙවර LPL තරඟාවලියේ කැපී පෙනෙනතම ක්‍රීඩකයා වූ කුසල් මෙන්ඩිස් මෙවර BPL තරඟාවලිය සඳහා Comila Victorians කණ්ඩායම විසින් මිලදී ගත් අතර නිරෝශන් දික්වැල්ල Fortune Barisal කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් තරු වෙත බංගලදේශ් ප්‍රිමියර් ලීගයේ ඉහළ ඉල්ලුමක් – ඩොලර් ලක්ශ ගණන් වලට අලෙවි වෙයි.!

𝗞𝗵𝘂𝗹𝗻𝗮 𝗧𝗶𝗴𝗲𝗿𝘀 – තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න

𝗦𝘆𝗹𝗵𝗲𝘁 𝗦𝘂𝗻𝗿𝗶𝘀𝗲𝗿𝘀 – දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ පෙරේරා

𝗙𝗼𝗿𝘁𝘂𝗻𝗲 𝗕𝗮𝗿𝗶𝘀𝗵𝗮𝗹 – ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල

𝗖𝗼𝗺𝗶𝗹𝗹𝗮 𝗪𝗮𝗿𝗿𝗶𝗼𝗿𝘀 – කුසල් මෙන්ඩිස්

𝗗𝗵𝗮𝗸𝗮 𝗦𝘁𝗮𝗿𝘀 – ඉසුරු උදාන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7