Cricket NewsEXCLUSIVEInternational

එංගලන්ත මුල් පෙළ සුණු විසුනු කළ ඔස්ට්‍රේලියාව අළු බඳුන කුසලානයේ තෙවැනි තරඟයේත් වැඩි ගෞරවයක් හිමි කර ගනී.!

මේ දින වල එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත අළු බඳුන කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරඟයේ දෙවැනි දිනය අදයි.

තෙවැනි තරඟයේ දෙවැනි දිනය වන අද දිනය නිමා වන විට මෙම තරඟයේත් වැඩි වාසි හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව සිටියා.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය ලකුණු 31ක් තුල කඩුලු 4ක් දැවී දැඩි අසීරු තත්වයක පසු වුවා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 61ක් ලබා සිටි අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 87.5ක් තුළ ලකුණු 267කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වු අතර Marcus Harris ලකුණු 76ක්, David Warner ලකුණු 38ක් හා Travis Head ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී James Anderson කඩුලු 4ක් දවා ගත් අතර, ඔOllie Robinson හා Mark Wood කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කෙසේ නමුත් සිය දෙවැනි ඉනිම අරඹමින් පිටියට පිවිසි එංගලන්තයේ මුල් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් දැවී ගිය අතර Zak Crawley ලකුණු 5කට ද, Dawid Malanලකුණු නොලබා පළමු පන්දුවෙන් ද, Haseeb Hameed ලකුණු 7කට ද දැවී ගිය අතර, සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි Jack Leach ලකුණු නොලබා ද දැවී ගිය අතර මේ වන විට කඩුල්ලේ රැඳී සිටින එංගලන්ත නායක Joe Root ලකුණු 12ක් හා Ben Stokes ලකුණු 2ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Mitchell Starc හා Scott Bolandක ඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ තෙවැනි තරඟය ලෙස මෙල්බර්න්හි පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 185ක්. රැස් කල අතර, පිළිතුරැ ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 267ක් රැස් කළා.

ඒ අනුව එංගලන්තය මේ වන විට දෙවන ඉනිමේ දී ලකුණු 51කින් පිටිපසින් පසු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7