Cricket NewsEXCLUSIVELegends Series

ෆයිනල් එකත් එක්ක Legends League එකේ මැච් 5ක් ගහන්න තියෙනවා, මම දැනටමත් ඒ වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කරලා තියෙන්නෙ” – සනත් ජයසූරිය

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස Legends League තරගාවලියක්ද 2022 වසරේ ජනවාරි මස පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් එම Legends League තරඟාවලියෙන් අනතුරුව එළඹෙන පෙබරවාරි මාසයේදී Road Safety World Series තරඟාවලිය ද පැවැත්වීමට නියමිතය.

මීට දින කිහිපයකට පෙර Chilling With Russel සංවාදාත්මක වැඩසටහනට සහභාගී වූ සනත් ජයසූරිය මහතා මෙම Legends League තරඟාවලිය පිළිබඳව අදහස් දක්වා සිටි අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ එම තරඟාවලිය සඳහා තමන් මේ වන විටත් පුහුණුවීම් ආරම්භ කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා මෙසේ පවසා සිටියා.

“දැන් මම ඇත්තටම ට්‍රේනින් කරන්න පටන්ගත්තා ජනවාරි මාසේ ලෙජන්ඩ්ස් ලීග් එක ඕමාන් වල ගහනවා, මැවස් 4යි ෆයිනල් එකත් එක්ක මැච් 5යි.

ඒකේ ශ්‍රී ලංකා පකිස්ථාන් එක ටීම් එකක්, ඉන්දියාව හා ලෝක කණ්ඩායම එක්ක.

ඒක ලොකු ටූනර්මන්ට් එකක් මම හිතනවා නිකන් ගිහින් ගහන්න බෑ කියලා. පොඩ්ඩක් ට්‍රේන් කරලා ඇග බස්සලා අර පරණ විදිහට පොඩ්ඩක් මහන්සි වෙනවා උදේ හවස.

ලබන සතියේ ඉදලා බැට් කරන්න පටන් ගන්නවා. කලින් තරගාවලියේ කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව ගියේ මම. බෝල් කරන්න පුළුවන් ඒත් බැට් කරන එක මෙහෙම අමාරුයි. හැබැයි දැන් ට්‍රේන් කරන්න පටන් ගත්තා, සුමානයක විතර ඉදන්.”

මෙම අදහස් ප්‍රකාශ කරන ලද සනත් ජයසූරිය මහතා සහභාගී වූ Chilling With Russel වැඩසටහන නැරඹීම සඳහා Chilling With Russel නිල You Tube නාළිකාවට පිවිසෙන්න >>https://www.youtube.com/c/ChillingWithRussel/featured

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7