Cricket NewsEXCLUSIVE

එක් ටෙස්ට් තරඟයක් තුල වැඩිම වාර ගණනක් බින්දුවට දැවී ගිය කණ්ඩායම ලෙස බංග්ලාදේශයෙන් ලෝක වාර්තාවක්.!

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය මිර්පුර්හිදී ඊයේ නිමාව දුටුවේ 1-0ක් ලෙස තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි. මිර්පුර් හිදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමස්ත තරඟය පුරාවටම බංග්ලාදේශ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණයෙන් ප්‍රයෝජන ලබාගැනීම විශේෂත්වයක්.

මෙම තරගයේදී පිතිකරුවන් ලෙස ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයෙක් ඉහළ දස්කම් දැක් වූ අතර පන්දු යවන්නන් අතරින් අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිතවිශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා.

ඒ බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම හා සුප්‍රසිද්ධ දඟ පන්දු යවන්නන් රජ කරන මීර්පූර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ අණසක පතුරුවමිනි.

මෙම තරගයේ කඩුලු 10ක් බිද හෙලු අසිත ප්‍රනාන්දු තරගයේ වීරයා ලෙස සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙස තරඟාවලිය පුරාවට ශතක දෙකක් රැස්කළ ඇන්ජලෝ මැතිව්ස් පත්වුණා.

මේ අතර, ඊයේ ඩකා හී දී නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙක තුළ දී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් අවස්ථා 9කදී ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණා.

පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් 6 දෙනෙකු සිටි අතර, දෙවැනි ඉනිමේ දී පිතිකරුවන් තිදෙනෙකුට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ. මෙය ලෝක වාර්තාවක් සම කිරීමක් ද වනවා.

එලෙස ලකුණු බින්දුවට දැවී ගිය අවස්ථා 9ක් ටෙස්ට් තරගයකදී මීට පෙර වාර්තා වී තිබුණේ අවස්ථා දෙකකදී පමණක් වන අතර ඒ 1990 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ද ලකුණු නොලබා දැවී යාම් 9ක් වාර්තා වී තිබුණේ ඉන්දියාවට එරෙහිව සහ 2000 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ද ලකුණු නොලබා දැවී යාම් 9ක් වාර්තා වී තිබුණා. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදීයි.

ඒ අතරට එක් වූ අලුත්ම බින්දු වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ බංගලාදේශයට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button