Cricket NewsEXCLUSIVE

වසර 21කට පසු චමින්ද වාස්ට පමණක් උරුම වූ වාර්ථාවක උරුම කරුවා වීමට අසිත ප්‍රනාන්දු සමත් වෙයි.!

නිමාව දුටු ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ කඩුලු 4 ක්ද දෙවන ඉනිමේ කඩුලු 6 ක් ද දවාගන්නට යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් විය.

තරඟයේ ජය පරාජය තීරණයකින් තොරව අවසන් වේවියැයි බංග්ලාදේශ කණ්ඩායම සතු වූ බලාපොරොත්තු බිඳ දමන්නට ඉවහල් වූයේ අසිතගේ තීරණාත්මක පන්දු යැවීම බව නොරහසකි.

පළමු ඉනිමට වඩා දෙවන ඉනිමේදී අසිත වඩාත් සංයමයකින්‍ යුක්තව පන්දු යවන ආකරයක් දක්නට ලැබුණි.

ශකීබ් අල්හසන් හට පළමු තරඟයේදී භාවිත කල උපක්‍රමයම යලිත්වරක් සාර්ථක කරගන්නට අසිත සමත් වූයේ ඔහු අමතරව ගොඩනැගූ පීඩනයක ප්‍රතිපලයක් ලෙසිනි.

පළමු ඉනිමේ කඩුලු 4 ක් හා දෙවන ඉනිමේ කඩුලු 6 ක් ද සමඟින් අසිත සමස්ත තරඟය පුරාවට ලකුණු 144 ට කඩුලු 10 කි බිඳ හෙළුවේය.

මෙය වසර 21 ට පසු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු විසින් තරඟයක කඩුලු 10 ක් බිඳ හෙළු පළමු අවස්තාව විය. අවසන් වරට චමින්ද වාස් එම දස්කම 2001 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දක්වා තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තරඟයක කඩුලු 10 ක් දවාගත් දෙවන වේගපන්දු යවන්නා බවට අසිත අද පත්විය.

අසිතගේ පන්දුයැවීම මිර්පූර් වැනි තණතීරුවක කඩුලු 10 ක් බිඳ හෙලීමට තරම් ප්‍රභල මට්ටමක තිබෙන බව නොරහසකි.

කෙසේ නමුත් සුරංග ලක්මාල්ගෙන් පුරප්පාඩු වූ වේගපන්දු බලඇණිය වෙත දිගු කාලකට අසිතගේ සේවය හා මෙම රිද්මය ලබා ගත හැකි වේ නම් එය අතිශය හිතකර වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7