Cricket NewsEXCLUSIVE

බංගලියෝ අන්ද මන්ද කළ සිංහයෝ ජයග්‍රාහි කුසලානය සහ ඩොලර් ද රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙයි.!

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය මිර්පුර්හිදී ඊයේ නිමාව දුටුවේ 1-0ක් ලෙස තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි. මිර්පුර් හිදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමස්ත තරඟය පුරාවටම බංග්ලාදේශ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණයෙන් ප්‍රයෝජන ලබාගැනීම විශේෂත්වයක්.

මෙම තරගයේදී පිතිකරුවන් ලෙස ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයෙක් ඉහළ දස්කම් දැක් වූ අතර පන්දු යවන්නන් අතරින් අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිතවිශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා.

ඒ බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම හා සුප්‍රසිද්ධ දඟ පන්දු යවන්නන් රජ කරන මීර්පූර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ අණසක පතුරුවමිනි.

මෙම තරගයේ කඩුලු 10ක් බිද හෙලු අසිත ප්‍රනාන්දු තරගයේ වීරයා ලෙස සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙස තරඟාවලිය පුරාවට ශතක දෙකක් රැස්කළ ඇන්ජලෝ මැතිව්ස් පත්වුණා.

ඒ අනුව එදා මෙදාතුර ඉතිහාසයේ තවමත් බංගලාදේශයට ශ්‍රී ලංකා පරාජය කළ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලැබීමට නොහැකි වී තිබීම විශේෂත්වයක්.

ජයග්‍රහි ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියා. එහි ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

06

07

08

09

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7