Cricket NewsEXCLUSIVEMatch Review

කෙශාව් මහාරාජ් ඇතුළු දකුණු අප්‍රිකා පන්දුබලඇණියේ විශිෂ්ට දස්කම් හමුවේ බංග්ලාදේශය ලකුනු 220 ක අවමන් සහගත පරාජයක් ලබයි.!

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 2 කින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද නිමාව දුටුවේ සංචාරක බංග්ලාදේශයට ලකුනු 220 ක අවමන් සහගත පරාජයක් උරුම කර දෙමිනි.

ඩර්බන් නුවර් කිංග්මෙඩ් හිදී පැවැති තරඟයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශය සත්කාර දකුණු අප්‍රිකානුවන්ට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කර සිටියේය.

දකුණු අප්‍රිකානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 367 ක් සියලු දෙනා දැවී රැස් කලේය.ශතකයට ලකුණු 7 ක් පසු පසින් සිටියදී ලකුණු 93 කට දැවී ගිය ටෙම්බා බව්මා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

නායක ඩීන් එල්ගර් ලකුණු 67 ක් රැස් කලේය.කලේඩ් අහමඩ් කඩුලු 4 ක් හා මෙහෙදි හසන් කඩුලු 3 ක් බිඳ දැමීය.

සිය පළමු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි බංග්ලාදේශය වෙනුවෙන් සිය මංගල ශතකය වාර්ථා කල ආරම්භක පිතිකරු මහ්මුදුල් හසන් ජෝයි ලකුණු 137 ක් රැස්කරමින් බංගලාදේශ පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 298 ක් දක්වා ඔස්වා තැබීය.ලිටන් දාස් ලකුණු 41 ක් රැස් කලේය.

සිමන් හාමර් කඩුලු 4 ක් හා ලිසාඩ් විලියම්ස් කඩුලු 3 ක් බිඳ දැමීය.

බංග්ලාදේශය පළමු ඉනිමට වඩා ලකුණු 69 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ දේදුණු දේශය වෙනුවෙන් නායක එල්ගර් ලකුණු 64 ක් රැස් කරමින් සිය දෙවන ඉනිම වෙනුවෙන් අගනා ආරම්භයක් එක් කලේය.

රයන් රිකෙල්ටන් නොදැවී ලකුණු 39 ක් රැස් කරන්නට සමත් විය.කෙසේනමුත් සිය දෙවන ඉනිම වෙනුවෙන් සත්කාරක ක්‍රීඩකයින් හට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 204 ක් පමණි.

පන්දු යැවීමේදී එබාඩොට් හොසේන් හා මෙහෙදි හසන් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.

සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව තරඟයේ අවසන් සැසි හතර තුලදී බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 274 කි.සිව්වැනි දිනය නිමාවන විට කඩුකු 3 ක් දැවී ලකුණු ලකුණු 11 ක් රැස් කරගෙන සිටි බංග්ලාදේයට තරඟයේ අවසන් දිනය වූ අද දිනයේ කඩුලු හතක් අතැතිව ලකුණු 263 ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය විය.

තරඟය සම්පූර්යෙන්ම තමන්ගේ පාලනයට නතුකරගත් දකුණු අප්‍රිකානු ඉදිරිපෙල දඟපන්දුයවන්න් දෙදෙනා වූ කෙශාව් මහාරාජ් හා සිමන් හාපර් බංග්ලාදේශ පිතිකරුවන් හට කඩුල්ලේ එතරම් වේලා රැඳී සිටින්නට ඉඩ ලබා නොදුන්නෝය.

නජ්මුල් හොසෙන් ශාන්ටෝ ලකුණු 26 ක් රැස් කල අතර බංග්ලාදේශයට සියලු දෙනා දැවී රැස් කරන්නට හැකිවූයේ ලකුණු 53 ක් පමණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කෙෂාව් මහාරාජ් ලකුණු 32 කට කඩුලු 7 ක් බිඳ දමන්නට සමත්විය.

පළමු ටෙස්ට් තරඟය ලකුණු 220 කින් ජයගැනීමෙන් අනතුරුව තරඟ දෙකකින් යුතු ටෙස්ට් තරඟාවලිය තරඟ 1-0 ක් ලෙසින් සත්කාරක දකුණු අප්‍රිකානුවෝ පෙරමුණ ගත්තේය.තරඟයේ වීරයා ලෙසින් කෙශාව් මහාරාජ් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7